Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 24:14 - Sinhala Revised Old Version

14 මට බොන පිණිස නුඹේ කළය පහත්කරන්නැයි මම යම් තරුණියකට කීවාම: බොන්න, නුඹේ ඔටුවන්ටත් බොන්ට දෙමියි කියන්නාවූ ඕතොමෝ ඔබගේ මෙහෙකරුවූ ඊසාක්ට ඔබවහන්සේ නියම කළ තැනැත්තී වේවා; මාගේ ස්වාමියා කෙරෙහි ඔබවහන්සේ කරුණාව පෙන්වූ බව එයින් දැනගන්නෙමියි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මම යම් තරුණියක අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියම් ද, එවිට ඒ තරුණිය, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කියන්නී ද, අන්න ඒ තරුණිය ඔබගේ දාසයා වන ඊසාක්ගේ බිරිඳ වීමට ඔබ නියම කළ තැනැත්තිය වේ වා! මෙලෙස ඔබ මාගේ ස්වාමියාට කරුණාව දැක්වූ බව මම දැනගන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මම යම් තරුණියක අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියම් ද, එවිට ඒ තරුණිය, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කියන්නී ද, අන්න ඒ තරුණිය ඔබගේ දාසයා වන ඊසාක්ගේ බිරිඳ වීමට ඔබ නියම කළ තැනැත්තිය වේ වා! මෙලෙස ඔබ මාගේ ස්වාමියාට කරුණාව දැක්වූ බව මම දැනගන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:14
22 හුවමාරු යොමු  

බැලුව මැනව, මම බැටළුලොම් මිටියක් පාවරේ තබන්නෙමි; ලොම් මිටිය පිට පමණක් පිනි ඇතුව මුළු බිම වියළී තිබුණොත් ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්‍රායෙල් ගළවන බව එයින් මම දැනගන්නෙමියි කීවේය.


ඔහු උන්වහන්සේට කථාකොට: දැන් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේනම්, ඔබ මා සමඟ කථාකරන බවට ලකුණක් මට පෙන්නුව මැනව.


ඔහුද: ස්වාමීවූ දෙවියන්වහන්ස, ඒක මට උරුම වෙන බව කුමකින් දැනගන්නෙම්දැයි කීය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් ලකුණක් නුඹට ඉල්ලන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැයි කීසේක.


ගෙයක් හා සම්පත් පියවරුන්ගෙන් ලැබෙන උරුමයක්ය; නුමුත් නුවණින් හැසිරෙන භාර්යාවක් ලැබෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.


තවද ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙනකල කඩිසර වෙන්න. මක්නිසාද ඒ වේලාවට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව පිටත්ව යනසේකැයි කීසේක.


ඔව්හු ඔහුට කථාකොට: අප යන්නාවූ අපේ මේ ගමන සඵලවේද කියා අප විසින් දැනගන්නා පිණිස දෙවියන්වහන්සේගෙන් විභාගකරන්නැයි කීවෝය.


තමන් පුත්‍රයාණන්ගේ ශුභාරංචියෙහි මාගේ ආත්මයෙන් මා විසින් සේවයකරන දෙවියන්වහන්සේ මට සාක්ෂිය.


යෝවාබ් අමාසාට කථාකොට: මාගේ සහෝදරය, නුඹ සුවසේ සිටිනෙහිදැයි අමාසාට කියා ඔහු සිඹින්ට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේය.


ඉදින් ඔහු: හොඳයයි කීවොත්, නුඹේ මෙහෙකරුවාවූ මට සමාදානය ලැබෙයි. ඔහු කිපුණොත්, ඔහු විසින් මට නපුරක් නියමකරගන තිබෙන බව දැනගන්න.


බොන්න, නුඹේ ඔටුවන්ටත් ඇදදෙන්නෙමියි කියන්නාවූ කන්‍යාව ස්වාමීන්වහන්සේ විසින් මාගේ ස්වාමියාගේ පුත්‍රයාට නියමකළ ස්ත්‍රීම වේවයි කීමි.


බැලුව මැනව, මම දිය උල්පත ළඟ සිටිමි; නුවර මනුෂ්‍යයන්ගේ දූවරු වතුර අදින පිණිස නික්ම එති.


තවද ඔහු කථාකොට නිමවන්නට පළමුවෙන්, බලව, ආබ්‍රහම්ගේ සහෝදර නාහොර්ගේ භාර්යාවවූ මිල්කාගේ පුත්‍රවූ බෙතුයෙල් නිසා උපන්නාවූ රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන පිටතට ආවාය.


ඈද: මාගේ ස්වාමීනි, බිවමැනවියි කියා ඇගේ කළය ඉක්මනින් අත පිටට ගෙන ඔහුට බොන්ට දුන්නාය.


ඈ ඔහුට බොන්ට දුන් පසු: ඔබගේ ඔටුවන්ද බී නිමවන තෙක් උන්ටත් ඇද දෙන්නෙමියි කීවාය.


මෙන්න, මම උල්පත ළඟ සිටිමි; වතුර අදින පිණිස පිටතට එන්නාවූ: නුඹේ කළයෙන් වතුර ටිකක් බොන්ට මට දෙන්නැයි මා කියන විට–


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්