Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 6:37 - Sinhala New Revised Version 2018

37 මෙන්න මම, බැටළු ලොම් මිටියක් කමතේ තබන්නෙමි; මුළු බිම වියළී තිබියදී, ලොම් මිටිය පිට පමණක් පිනි තිබුණොත්, ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන බව එයින් මම දැනගන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 මෙන්න මම, බැටළු ලොම් මිටියක් කමතේ තබන්නෙමි; මුළු බිම වියළී තිබියදී, ලොම් මිටිය පිට පමණක් පිනි තිබුණොත්, ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන බව එයින් මම දැනගන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 බැලුව මැනව, මම බැටළුලොම් මිටියක් පාවරේ තබන්නෙමි; ලොම් මිටිය පිට පමණක් පිනි ඇතුව මුළු බිම වියළී තිබුණොත් ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්‍රායෙල් ගළවන බව එයින් මම දැනගන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 6:37
11 හුවමාරු යොමු  

මම යම් තරුණියක අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියම් ද, එවිට ඒ තරුණිය, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කියන්නී ද, අන්න ඒ තරුණිය ඔබගේ දාසයා වන ඊසාක්ගේ බිරිඳ වීමට ඔබ නියම කළ තැනැත්තිය වේ වා! මෙලෙස ඔබ මාගේ ස්වාමියාට කරුණාව දැක්වූ බව මම දැනගන්නෙමි”යි කී ය.


කැපූ තණ කෙත් මත වර්ෂාව මෙන් රජ තෙම වැජඹේ වා! වියළි බිම මත වැසි මෙන් නිරිඳු වඩී වා!


ඉශ්රායෙල්ට මම පිනි මෙන් වන්නෙමි. ඔවුන් මානෙල් මෙන් පිපෙනු ඇත; ලෙබනොන්හි ගස් මෙන් මුල් අදිනු ඇත.


උන් වහන්සේ කතා කරමින්, “මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ”යි වදාළ සේක.


මා සික පද වැහි බිඳු මෙන්, මා කථනය පිනි බිඳු මෙන්, ළා පැළ මත වැසි පොද මෙන්, ළා තණ මත මල් වැසි මෙන් වැටේ.


ඔහු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ වහන්සේ ඉදිරියෙහි මට ප්‍රසාදය ලැබී තිබේ නම්, ඔබ මා සමඟ කතා කරන බවට ලකුණක් මට පෙන්වුව මැනව.


ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන සේක් නම්,


එය එසේ ම සිදු විය. ඔහු පසු දා අලුයම නැඟිට බඳුනක් පිරෙන තරමට වතුර ලොම් මිටියෙන් මිරිකා හැරියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්