අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියාවූ හමුදාවේ මනුෂ්‍යයෝ සමාරියේ සිට බෙත්හෝරොන් දක්වා යූදාහි නුවරවලට වැද, එහිදී තුන්දහසකට පහරදී බොහෝ කොල්ලය ගත්තෝය.
විනිශ්චයකාරයෝ 20:48 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ නැවත බෙන්යමින් පුත්‍රයන් ළඟට හැරී ඇවිත්, නුවර මිනිසුන්ටද ගවයන්ටද තමුන්ට සම්බවූ සියල්ලන්ටද කඩුමුවහතින් පහරදී, ඔවුන්ට සම්බවුණු සියලු නුවරවල්ද ගිනිලෑවෝය. Sinhala New Revised Version ඉශ්රායෙල්වරු නැවත බෙන්ජමින්වරුන් වෙත අවුත්, නගරයේ මිනිසුන්ට ද සතුන්ට ද තමන්ට සම්බ වූ සියල්ලන්ට ද කඩුවෙන් පහර දුන්නෝ ය. ඔව්හු ඒ ප්‍රදේශයේ සියලු නගර ගිනි ලෑවෝ ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරු නැවත බෙන්ජමින්වරුන් වෙත අවුත්, නගරයේ මිනිසුන්ට ද සතුන්ට ද තමන්ට සම්බ වූ සියල්ලන්ට ද කඩුවෙන් පහර දුන්නෝ ය. ඔව්හු ඒ ප්‍රදේශයේ සියලු නගර ගිනි ලෑවෝ ය. |
අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියාවූ හමුදාවේ මනුෂ්‍යයෝ සමාරියේ සිට බෙත්හෝරොන් දක්වා යූදාහි නුවරවලට වැද, එහිදී තුන්දහසකට පහරදී බොහෝ කොල්ලය ගත්තෝය.
කෝපවූ සහෝදරයෙකු දිනාගැනීම බලවත් නුවරක් දිනාගැනීමට වඩා අමාරුය; එබඳු ඩබර වනාහි මාලිගාවක අගුල් මෙන්ය.
නුමුත් මනුෂ්‍යයන් හසියයක් හැරී කාන්තාරයෙහි තිබෙන රිම්මොන් පර්වතයට පලාගොස් රිම්මොන් පර්වතයෙහි හාර මාසයක් සිටියෝය.
අපෙන් කිසිවෙක් තමාගේ දුවෙකු බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාකොට නොදෙන්නෙමුයයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් විසින් මිශ්පාහිදී දිවුරා තිබුණේය.
බෙන්යමින් පුත්‍රයෝ එසේ කොට නැටූ තැනැත්තියන්ගෙන් තමුන්ගේ ගණන ලෙස තමුන්ට භාර්යාවන් අසුකරගෙන, තමුන්ගේ උරුමයට හැරීගොස්, නුවරවල් ගොඩනගා එහි විසුවෝය.