Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 25:13 - Sinhala Revised Old Version

13 අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියාවූ හමුදාවේ මනුෂ්‍යයෝ සමාරියේ සිට බෙත්හෝරොන් දක්වා යූදාහි නුවරවලට වැද, එහිදී තුන්දහසකට පහරදී බොහෝ කොල්ලය ගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියා වූ හමුදාවේ භටයෝ සමාරියේ සිට බෙත්-හෝරොන් දක්වා ජුදාහි නුවරවලට වැද, එහි දී තුන්දහසකට පහර දී බොහෝ කොල්ලය ගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියා වූ හමුදාවේ භටයෝ සමාරියේ සිට බෙත්-හෝරොන් දක්වා ජුදාහි නුවරවලට වැද, එහි දී තුන්දහසකට පහර දී බොහෝ කොල්ලය ගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 25:13
7 හුවමාරු යොමු  

එසේම ඉහළ බෙත්-හෝරන්ද පහළ බෙත්-හෝරන්ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නුවරවල්ද;


යූදාහි රජවූ ආසාගේ තිස් අටවෙනි අවුරුද්දේදී ඔම්රීගේ පුත්‍රවූ ආහබ් ඉශ්‍රායෙල් කෙරෙහි රජ වී, සමාරියේ විසි දෑවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කෙළේය.


ඔහු සමාරිය කන්ද රිදී තලෙන්ත දෙකකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි ගොඩනගා, තමා ගොඩනැගූ නුවරට කන්ද අයිතිකාරයාවූ ෂෙමෙර්ගේ නාමය ප්‍රකාර සමාරිය යන නම තැබුවේය.


සාලමොන් ගෙසෙර්ද පහළ බෙත්-හොරොන්ද,


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් කලඹා විසුරුවා දැමූසේක. එබැවින් ඔව්හු මහත් මැරීමකින් ගිබියොන් ළඟදී ඔවුන් නසා, බෙත්-හෝරොන්ට නැගීයන මාර්ගයෙහි ඔවුන් ලුහුබඳවා ගොස්, අසේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහරදුන්නෝය.


යූදා පුත්‍රයෝ තව දසදහසක් පණපිටින් අල්ලාගෙන, ඔවුන් පර්වතයේ මුදුනට ගෙන ගොස් පර්වතය මුදුනෙන් පහළට හෙළා දැමුවෝය, ඔවුන් සියල්ලෝද සුනුවිසුනු වූහ.


අමශියා ඒදොම්වරුන් මරා ආවායින් පසු ඔහු සෙයිර් පුත්‍රයන්ගේ දෙවිවරුන් ගෙනැවිත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පුකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්