විනිශ්චයකාරයෝ 20:26 - Sinhala Revised Old Version එකල සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද මුළු සෙනඟද ගොස් බෙතෙල්ට පැමිණ, එහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අඬමින් හිඳ, එදා සවස් වන තෙක් නිරාහාරව සිට, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය. Sinhala New Revised Version එකල සියලු ඉශ්රායෙල්වරු ද සකල ජනයා ද ගොස් බෙතෙල්ට පැමිණ, එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හඬමින් සිට, එදා සවස් වන තෙක් නිරාහාර ව සිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සහභාගිකමේ පූජා ද දවන යාග පූජා ද ඔප්පු කළෝ ය. Sinhala New Revised Version 2018 එකල සියලු ඉශ්රායෙල්වරු ද සකල ජනයා ද ගොස් බෙතෙල්ට පැමිණ, එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හඬමින් සිට, එදා සවස් වන තෙක් නිරාහාර ව සිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සහභාගිකමේ පූජා ද දවන යාග පූජා ද ඔප්පු කළෝ ය. |
දවහල් ව තිබියදීම දාවිත්ට කෑම කන්ට සලස්වන පිණිස මුළු සෙනඟ ආවෝය; නුමුත් දාවිත්: මා විසින් රොටිවත් වෙන කිසි දෙයක්වත් ඉර බහින තෙක් කටට ගත්තොත් දෙවියන්වහන්සේ එසේමත් ඊට වැඩියත් මට කරනසේක්වයි කියා දිවුළේය.
එවිට යෙහෝෂාපාට් භයවී, ස්වාමීන්වහන්සේ සොයන්ට සිත යොමුකර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශකෙළේය.
එවිට අපේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටහත්වී අපටත් අපේ බාලයන්ටත් අපේ සියලු සම්පත්වලටත් සඵලවත් ගමනක් ලැබෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟදී උපවාසයක් ප්‍රසිද්ධකෙළෙමි.
තවද යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ පස්වෙනි අවුරුද්දේ නවවෙනි මාසයේදී යෙරුසලමේ මුළු සෙනඟද යූදාහි නුවරවලින් යෙරුසලමට ආ මුළු සෙනඟද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උපවාසයක් ප්‍රකාශකළෝය.
ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකර, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට වැඩිමහල්ලන්ද දේශයේ සියලුම වැසියන්ද රැස්කර, ස්වාමීන්වහන්සේට මොරගසන්න.
පසුව යෝෂුවා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස්කරවා, ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඔවුන්ගේ ප්‍රධානීන්ද ඔවුන්ගේ විනිශ්චයකාරයන්ද ඔවුන්ගේ මුලාදෑනීන්ද කැඳවිය; ඔව්හු දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටියෝය.
යෝෂුවා තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සවස් වන තෙක් මුහුණින් බිම වැටී උන්නේය; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලිද දමාගත්තෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව බෙතෙල්ට ගොස්: බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට අපෙන් පළමුව යායුතු කවුදැයි දෙවියන්වහන්සේගෙන් විචාළෝය. යූදාවරු පළමුව යෙත්වයි ස්වාමීන්වහන්සේ කීසේක.
තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස් වනතෙක් හඬා: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවත සටනට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කීසේක.
එවිට බෙන්යමින්වරු දෙවෙනිදා ඔවුන්ට විරුද්ධව ගිබියායෙන් පිටතට ඇවිත් නැවත ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මිනිසුන් දහඅටදාහක් විනාශකර බිම හෙළුවෝය; මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන මනුෂ්‍යයෝය.
සෙනඟ බෙතෙල්ට පැමිණ එහි සවස්වන තෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි හිඳ ශබ්දනගා මහත් හැඬීමකින් හැඬුවෝය.
එකල පණිවිඩකාරයෝ සාවුල් සිටි ගිබියාට ඇවිත් ඒ කාරණා සෙනඟ ඉදිරියෙහි කීවෝය. මුළු සෙනඟ ශබ්දනගා ඇඬූහ.
ඔව්හු මිශ්පාට රැස්වී වතුර ඇද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට, ඒ දවසේ නිරාහාරව සිට: අපි ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමුයයි එහිදී කීවෝය. සාමුවෙල් මිශ්පාහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන් විනිශ්චයකෙළේය.