ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති; එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය.
විනිශ්චයකාරයෝ 19:30 - Sinhala Revised Old Version ඒ දුටු සියල්ලෝ: ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආ දවස පටන් අද දක්වා මෙබඳු දෙයක් සිද්ධවුණේවත් දකින්ට යෙදුණේවත් නැත. මේ ගැන හිතට ගෙන මන්ත්‍රණයකොට කථාකරන්නැයි කීවෝය. Sinhala New Revised Version ඒ දුටු සියල්ලෝ, “ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් ආ දා පටන් අද දක්වා මෙබඳු දෙයක් සිදු වුණේ වත්, දකින්නට ලැබුණේ වත් නැත. මේ ගැන සිතට ගෙන, සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන්නැ”යි කීවෝ ය. Sinhala New Revised Version 2018 ඒ දුටු සියල්ලෝ, “ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් ආ දා පටන් අද දක්වා මෙබඳු දෙයක් සිදු වුණේ වත්, දකින්නට ලැබුණේ වත් නැත. මේ ගැන සිතට ගෙන, සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන්නැ”යි කීවෝ ය. |
ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති; එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය.
මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය; එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිරවන්නේය.
මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට නුඹ නුඹේ යුද්ධය කළ යුතුය; මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ.
ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා සියල්ලෝ මෙහි නුඹලාගේ කල්පනාවත් දැනමුතුකමත් කියාදෙන්නැයි කීවේය.