විනිශ්චයකාරයෝ 18:8 - Sinhala Revised Old Version ඔව්හු ශොරාහිද එෂ්තායොල්හිද සිටි තමුන්ගේ සහෝදරයන් වෙතට ආවෝය. ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ට කථාකොට: නුඹලා කියන්නේ මොකදැයි ඔවුන්ගෙන් ඇසුවෝය. Sinhala New Revised Version ඉන්පසු ඔව්හු ශොරාහි ද එෂ්තායොල්හි ද සිටි තමන්ගේ සහෝදරයන් වෙත පෙරළා ආවෝ ය. ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ට කතා කොට, “ඔබ සොයාගත් තොරතුරු මොනවා දැ”යි ඇසුවෝ ය. Sinhala New Revised Version 2018 ඉන්පසු ඔව්හු ශොරාහි ද එෂ්තායොල්හි ද සිටි තමන්ගේ සහෝදරයන් වෙත පෙරළා ආවෝ ය. ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ට කතා කොට, “ඔබ සොයාගත් තොරතුරු මොනවා දැ”යි ඇසුවෝ ය. |
දාන්ගේ වංශයට අයිතිවූ ශොරාහි එක්තරා මනුෂ්‍යයෙක් විය, ඔහුගේ නම මානෝවාය; ඔහුගේ භාර්යාව වඳව දරුවන් නොලැබ සිටියාය.
එවිට ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ මුළු පවුලද ගොස් ඔහු ගෙනැවිත් ශොරාද එෂ්තායොල්ද අතරේ තිබෙන ඔහුගේ පියවූ මානෝවාගේ සොහොන්පෙළ් තැන්පත්කළෝය. ඔහු විසි අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් විනිශ්චය කෙළේය.
එවිට එතැනින් දාන්ගේ පෙළපතේ මනුෂ්‍යයෝ හසියයක් යුද්ධායුධ පැළඳගෙන, ශොරාද එෂ්තායොල්ද සිට පිටත්ව ගොස්,
දාන් පුත්‍රයෝ දේශය සෝදිසිකර බලා විභාගකරන පිණිස තමුන්ගේ මුළු ගණනෙන් තමුන්ගේ පෙළපතේ වික්‍රමාන්විත මනුෂ්‍යයන් පස් දෙනෙක් ශොරාද එෂ්තායොල්ද සිට යවමින්: නුඹලා ගොස් දේශය විභාගකරන්නැයි ඔවුන්ට කීවෝය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝය.
එවිට ඒ පස්දෙන පිටත්ව ගොස් ලායිෂ්ට පැමිණ, එහි සිටින සෙනඟ අපරීක්ෂාකාරීව, ශීදොන් වැසියන් හා සමානව නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද වාසයකරන බව දුටුවෝය; මක්නිසාද යමක් ගැන ඔවුන් ලජ්ජාකරන්ට පුළුවන්වූ, බලය ලත් කෙනෙක් දේශයෙහි නැති බවත් ඔවුන් ශීදොන්වරුන්ගෙන් දුරව සිටින බවත් කිසිවෙකු සමඟ ගනුදෙනුකිරීමක් නැති බවත් දැක,
ඔව්හුද: අපි පිටත්වී ඔවුන්ට විරුද්ධව යමුව. මක්නිසාද ඒ රට ඉතා යහපත් බව අපි දුටිමුව. නුඹලා නිකම් සිටිනවාද? ඒ රටට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිස යන්ට මැලිනොවන්න.