Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 18:11 - Sinhala Revised Old Version

11 එවිට එතැනින් දාන්ගේ පෙළපතේ මනුෂ්‍යයෝ හසියයක් යුද්ධායුධ පැළඳගෙන, ශොරාද එෂ්තායොල්ද සිට පිටත්ව ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එවිට එතැනින් දාන්ගේ පෙළපතේ සෙනඟ හයසියයක් සන්නාහ සන්නද්ධ ව ශොරා ද එෂ්තායොල් ද සිට පිටත් ව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එවිට එතැනින් දාන්ගේ පෙළපතේ සෙනඟ හයසියයක් සන්නාහ සන්නද්ධ ව ශොරා ද එෂ්තායොල් ද සිට පිටත් ව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 18:11
5 හුවමාරු යොමු  

තැනිතලා රටෙහි තිබුණු ඒවා නම්: එෂ්තායොල්ද ශොරාද අෂ්නාද,


ස්වාමීන්වහන්සේගේ ආත්මයද ශොරාටත් ඒෂ්තායොල්ටත් අතරෙහි වූ මහෙන්-දාන්හිදී ඔහු ක්‍රියාවෙහි පොළඹවන්ට පටන්ගත්තේය.


නුඹලා ගියාම අප්‍රවේසමෙන් සිටින සෙනඟක් කරා පැමිණෙනවා ඇත, ඒ රට විශාලය. දෙවියන්වහන්සේ නුඹලා අතට ඒක දී තිබේ; එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයක්යයි කීවෝය.


යුදයේ තිබෙන කිරියත්-යෙයාරීම්හි කඳවුරු බැන්දෝය. ඒ නිසා ඒ ස්ථානයට අද දක්වා මහෙන්-දාන්යයි කියති. බලව, ඒක කිරියත්-යෙයාරීම්ට එහායින් තිබේ.


තමුන්ගේ යුද්ධායුධ පැළඳගත්තාවූ, දාන් පුත්‍රයෝ වූ ඒ මනුෂ්‍යයන් හසියය දොරකඩ ළඟ සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්