ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 16:23 - Sinhala Revised Old Version

පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ දෙවිවූ දාගොන්ට මහත් පූජාවක් ඔප්පුකරන්ටත් ප්‍රීති වෙන්ටත් රැස්වූහ. මක්නිසාද: අපේ දෙවියෝ අපේ සතුරාවූ සම්සොන් අප අතට පාවාදුන්නායැයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමන්ගේ දෙවි වන දාගොන්ට මහා පූජාවක් ඔප්පු කරන්නටත්, ප්‍රීති වන්නටත් රැස් වූ හ. “අපේ දෙවියෝ අපේ සතුරා වූ සම්සොන් අප අතට පාවා දුන්නාහ”යි ඔව්හු කීවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමන්ගේ දෙවි වන දාගොන්ට මහා පූජාවක් ඔප්පු කරන්නටත්, ප්‍රීති වන්නටත් රැස් වූ හ. “අපේ දෙවියෝ අපේ සතුරා වූ සම්සොන් අප අතට පාවා දුන්නාහ”යි ඔව්හු කීවෝ ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 16:23
12 හුවමාරු යොමු  

ඔහුගේ ආයුධ ඔව්හු තමුන්ගේ දෙවියන්ගේ ගෘහයෙහි තබා, ඔහුගේ හිස දාගොන්ගේ ගෘහයෙහි එල්ලා තැබුවෝය.


නුඹේ සතුරා වැටෙන කල ප්‍රීතිනොවන්න; ඔහු පැකිලී වැටෙන කලද නුඹේ සිත ප්‍රීතිමත් නොවේවා.


යම් ජාතියක් තමුන්ගේ දෙවිවරුන් දෙවි නොවන නුමුත් ඔවුන් මාරුකළෝද? එහෙත් මාගේ සෙනඟ තමුන්ගේ මහිමය ප්‍රයෝජන නොවන දේවලට මාරුකරගත්තෝය.


එසේය, සියලු ජනයෝ තම තමුන්ගේ දෙවිවරුන්ගේ නාමයෙන් හැසිරෙන්නෝය, අපිද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමුව.


නුමුත් මිත්‍යාදෘෂ්ටීන් පූජාකරන දේ ඔවුන් පූජාකරන්නේ දෙවියන්වහන්සේට නොව යක්ෂයන්ටයයි කියමි. නුඹලා යක්ෂයන් සමඟ සහභාගිව සිටිනවාට නොකැමැත්තෙමි.


එසේ වුවත් ඔහුගේ හිසකේ කපාදැමුවායින් පසු ඒවා නැවත වැඩෙන්ට පටන්ගත්තේය.


ඔව්හු ඔහුගේ හිස කපා දමා, ඔහුගේ ආයුධ ගළවා, එපවත් තමුන්ගේ දේවාලයෙහිත් සෙනඟ අතරෙහිත් ප්‍රකාශකරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි හැරියෝය.