Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 16:22 - Sinhala Revised Old Version

22 එසේ වුවත් ඔහුගේ හිසකේ කපාදැමුවායින් පසු ඒවා නැවත වැඩෙන්ට පටන්ගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඔහු හිරගෙයි ධාන්‍ය ඇඹරීමට යොදවන ලදී. එසේ වුවත්, ඔහුගේ හිස කෙස් කපා දමනු ලැබූ පසු, යළිත් ඒවා වැඩෙන්නට පටන්ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඔහු හිරගෙයි ධාන්‍ය ඇඹරීමට යොදවන ලදී. එසේ වුවත්, ඔහුගේ හිස කෙස් කපා දමනු ලැබූ පසු, යළිත් ඒවා වැඩෙන්නට පටන්ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 16:22
6 හුවමාරු යොමු  

එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.


එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


නුමුත් පිලිස්තිවරු ඔහු අල්ලාගන ඔහුගේ ඇස් උගුලාදමා, ගාසාට ගෙනගොස් ඔහු පිත්තල දම්වැල්වලින් බැන්දෝය; ඔහු හිරගෙයි ඇඹරුවේය.


පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ දෙවිවූ දාගොන්ට මහත් පූජාවක් ඔප්පුකරන්ටත් ප්‍රීති වෙන්ටත් රැස්වූහ. මක්නිසාද: අපේ දෙවියෝ අපේ සතුරාවූ සම්සොන් අප අතට පාවාදුන්නායැයි ඔව්හු කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්