Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 31:9 - Sinhala Revised Old Version

9 ඔව්හු ඔහුගේ හිස කපා දමා, ඔහුගේ ආයුධ ගළවා, එපවත් තමුන්ගේ දේවාලයෙහිත් සෙනඟ අතරෙහිත් ප්‍රකාශකරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි හැරියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔව්හු සාවුල්ගේ හිස කපා දමා ඔහුගේ ආයුධ ගලවා, එපවත් තමන්ගේ දේවාලවලත්, සෙනඟ අතරේත් ප්‍රකාශ කරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔව්හු සාවුල්ගේ හිස කපා දමා ඔහුගේ ආයුධ ගලවා, එපවත් තමන්ගේ දේවාලවලත්, සෙනඟ අතරේත් ප්‍රකාශ කරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 31:9
7 හුවමාරු යොමු  

පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීතිනොවන පිණිසද අචර්මඡේදිතයන්ගේ දූවරුන් ජයඝෝෂා නොකරන පිණිසද එය ගාත්හි නොදන්වව්, අෂ්කෙලොන් වීදිවල ප්‍රකාශනොකරව්.


එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස නුඹේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කරන්ට කැමතිවුණේ නැත; මක්නිසාද ඔහු ඉතා භයව සිටියේය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටුණේය.


දාවිත් පිලිස්තියයාගේ හිස අරගන යෙරුසලමට ගෙනාවේය; නුමුත් ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තැබුවේය.


එවිට දාවිත් දුව ගොස් පිලිස්තියයා ළඟ සිට, ඔහුගේ කඩුව අල්ලා කොපුවෙන් ඇද ඔහු මරා, එයින් ඔහුගේ හිස කපා දැමුවේය. පිලිස්තිවරු තමුන්ගේ බලවතා මැරුණු බව දැක පලාගියෝය.


තවද පසුවදා මැරුම්කෑ අයගෙන් කොල්ලය ගන්ට පිලිස්තිවරුන් ආ කල සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ගිල්බෝවා කන්දේ වැටී ඉන්නවා ඔවුන්ට සම්බවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්