තවද යාකොබ්: මාගේ දවස් සම්පූර්ණවූ බැවින් මාගේ භාර්යාව කරා එළඹෙන පිණිස ඈ මට පාවාදෙන්නැයි ලාබන්ට කීය.
විනිශ්චයකාරයෝ 14:8 - Sinhala Revised Old Version ස්වල්ප දවසකට පසු ඔහු ඈ පාවාගන්ට නැවත යද්දී සිංහයාගේ මළකුණ බලන්ට අහකට හැරී ගියේය. බලව, සිංහයාගේ ශරීරයෙහි මීමැසි රැළක්ද මීපැණිද තිබුණේය. Sinhala New Revised Version ස්වල්ප දවසකට පසු සම්සොන් ඈ සරණ පාවාගන්නට ආපසු යද්දී සිංහයාගේ මළකුණ බලන පිණිස ඉවතට හැරී ගියේ ය. ඔහු බැලූ කල සිංහයාගේ ශරීරයේ මී මැසි රංචුවක් ද මී පැණි ද තිබිණි. Sinhala New Revised Version 2018 ස්වල්ප දවසකට පසු සම්සොන් ඈ සරණ පාවාගන්නට ආපසු යද්දී සිංහයාගේ මළකුණ බලන පිණිස ඉවතට හැරී ගියේ ය. ඔහු බැලූ කල සිංහයාගේ ශරීරයේ මී මැසි රංචුවක් ද මී පැණි ද තිබිණි. |
තවද යාකොබ්: මාගේ දවස් සම්පූර්ණවූ බැවින් මාගේ භාර්යාව කරා එළඹෙන පිණිස ඈ මට පාවාදෙන්නැයි ලාබන්ට කීය.
නුඹට මීපැණි සම්බවුණොත්, එයින් තෘප්තියට පැමිණ වමනය නොකරන පිණිස, සෑහෙන තරමට පමණක් කන්න.
නුමුත් ඔහු මේ කාරණා කල්පනාකරමින් සිටියදී, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ඔහුට පෙනී: දාවිත්ගේ පුත්‍රවූ යෝසෙප්, නුඹේ භාර්යාවවූ මරියා පාවාගන්ට භය නොවන්න. මක්නිසාද ඈ තුළ පිළිසිඳුණාවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය.
ඔහු එය ගෙන අතේ තබාගෙන කකා ගොස් තමාගේ මව්පියන් ළඟට අවුත් ඔවුන්ටත් දුන්නේය, ඔව්හුද කෑවෝය. නුමුත් ඒ මීපැණි සිංහයාගේ ශරීරයෙන් ගත් බව ඔහු ඔවුන්ට දැන්නුවේ නැත.