එවිට මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම් රජ වෙතට පණිවිඩකාරයන් යවා: නුඹේ සහෝදරවූ ඉශ්‍රායෙල් මෙසේ කියයි–අපට පැමිණි සියලු අමාරුකම් නුඹ දන්නෙහිය.
විනිශ්චයකාරයෝ 11:12 - Sinhala Revised Old Version එවිට යෙප්තා අම්මොන් පුත්‍රයන්ගේ රජ වෙත පණිවිඩකාරයන් යවා: නුඹ මාගේ දේශයට විරුද්ධව යුද්ධකරන පිණිස මා ළඟට ආවේ මා සහ නුඹ අතරේ තිබෙන මොන කාරණයක් නිසාදැයි අසා ඇරියේය. Sinhala New Revised Version ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යවා, “ඔබ මාගේ දේශයට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පැමිණියේ, මා සහ ඔබ අතරේ ඇති කුමන ආරාවුලක් නිසා දැ”යි ඇසුවේ ය. Sinhala New Revised Version 2018 ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යවා, “ඔබ මාගේ දේශයට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පැමිණියේ, මා සහ ඔබ අතරේ ඇති කුමන ආරාවුලක් නිසා දැ”යි ඇසුවේ ය. |
එවිට මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම් රජ වෙතට පණිවිඩකාරයන් යවා: නුඹේ සහෝදරවූ ඉශ්‍රායෙල් මෙසේ කියයි–අපට පැමිණි සියලු අමාරුකම් නුඹ දන්නෙහිය.
බලව, ඔව්හු මොරගසමින්: දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබට අපෙන් කම මොකද? කාලයට ප්‍රථමයෙන් අපට වදදෙන්ට ඔබ මෙහි ආසේක්දැයි කීවෝය.
එවිට මම කෙදෙමොත් කාන්තාරයේ සිට හෙෂ්බොන්හි රජවූ සීහොන් වෙතට සමාදාන වචන ඇතුව පණිවිඩකාරයන් යවා:
එවිට යෙප්තා ගිලියද් වැඩිමහල්ලන් සමඟ ගියේය, සෙනඟ වනාහි ඔහු තමුන්ගේ ප්‍රධානියාද අධිපතියාද කරගත්තෝය. යෙප්තා මිශ්පායේදී තමාගේ සියලු වචන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය.
අම්මොන් පුත්‍රයන්ගේ රජ යෙප්තාගේ පණිවිඩකාරයන්ට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මිසරයෙන් ආ කල අර්ණොන් පටන් යබ්බොක් හා යොර්දාන දක්වා මාගේ දේශය පැහැරගත් නිසාය. එහෙයින් දැන් ඒ රටවල් සමාදානයෙන් ආපසු දෙන්නැයි කීවේය.
යෙප්තා ඔවුන්ට කථාකොට: මමත් මාගේ සෙනඟත් අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව මහත් පොරයක යෙදී සිටියෙමුව; මා නුඹලාට අඬගැසූ නුමුත් ඔවුන්ගේ අතින් නුඹලා මා ගැළෙවුවේ නැත.