නැගෙන ඉර පැත්තෙහි කූඩාරම් ගසා ගන්නෝනම් තමුන්ගේ සේනා ප්‍රකාරයට යූදාගේ අන්දායමේ ධජයට අයිති අයය. යූදා පුත්‍රයන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන් වන්නේය.
විනිශ්චයකාරයෝ 1:2 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේද: යූදා යා යුතුය. මම ඔහු අතට දේශය දුනිමියි කීසේක. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ජුදාගේ ගෝත්‍රය පළමු කොට යා යුතු ය; මම ඔවුන්ගේ අතට දේශය දිනිමි”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ජුදාගේ ගෝත්‍රය පළමු කොට යා යුතු ය; මම ඔවුන්ගේ අතට දේශය දිනිමි”යි වදාළ සේක. |
නැගෙන ඉර පැත්තෙහි කූඩාරම් ගසා ගන්නෝනම් තමුන්ගේ සේනා ප්‍රකාරයට යූදාගේ අන්දායමේ ධජයට අයිති අයය. යූදා පුත්‍රයන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන් වන්නේය.
මක්නිසාද අපගේ ස්වාමීන්වහන්සේ යූදා ගෝත්‍රයෙන් නැගුටුණු බව ඉතා පැහැදිලිය; ඒ ගෝත්‍රය ගැන පූජකයන් සම්බන්ධවූ කිසිවක් මෝසෙස් කීවේ නැත.
ඔව්හුද: සැබවින් ස්වාමීන්වහන්සේ මුළු දේශය අපේ අත්වලට දී තිබේ; දේශයේ සියලු වැසියන්ගේ සිත් අප ඉදිරියෙහි දියවීයතියි යෝෂුවාට කීවෝය.
එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය.
යූදා තම සහෝදරවූ සිමියොන්ට කථාකොට: අප කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස මාගේ උරුම කොටසට මා සමඟ නැගී එන්න; මමත් නුඹේ උරුම කොටසට නුඹ සමඟ එන්නෙමියි කීවේය. මෙසේ සිමියොන් ඔහු සමඟ ගියේය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව බෙතෙල්ට ගොස්: බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට අපෙන් පළමුව යායුතු කවුදැයි දෙවියන්වහන්සේගෙන් විචාළෝය. යූදාවරු පළමුව යෙත්වයි ස්වාමීන්වහන්සේ කීසේක.
(ඒ දවස්වලදී දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය එහි තිබුණේය. ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් ඒ දවස්වල එය ඉදිරිපිට සිටියේය.) ස්වාමීන්වහන්සේද: යන්න, මක්නිසාද හෙට ඔවුන් නුඹලා අතට පාවාදෙන්නෙමියි කීසේක.