ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 8:32 - Sinhala Revised Old Version

මාංසය හා රොටිවලින් ඉතුරු ඒවා ගින්නෙන් දවන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, මස්වලින් හා රොටිවලින් ඉතිරි වන කොටස ගින්නේ දැවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, මස්වලින් හා පූපවලින් ඉතිරි වන කොටස ගින්නේ දැවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 8:32
8 හුවමාරු යොමු  

උදය දක්වා එයින් කිසිවක් ඉතුරු නොකරන්න; උදය දක්වා එයින් ඉතුරුවන ඒවා ගින්නෙන් දවන්න.


කැපකිරීමේ මාංසයෙන් හෝ රොටියෙන් හෝ පසුවදා උදය දක්වා කිසිවක් ඉතිරිවී නම් ඒ ඉතිරි ඒවා ගින්නෙන් දවන්න. ඒවා ශුද්ධ බැවින් නොකෑයුතුය.


හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය.


කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.


එහෙත් තුන්වෙනි දවස දක්වා පූජාවේ මාංසයෙන් ඉතුරුවෙන ඒවා ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.


නුඹලා සත් දවසක් සම්පූර්ණවන තෙක් එනම් නුඹලාගේ කැපකිරීමේ දවස් සම්පූර්ණවන තෙක් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොයන්න. මක්නිසාද සත් දවසක් නුඹලා කැපකරනු ලබන්නහුය.


මක්නිසාද– පිළිගත යුතුවූ කාලයකදී නුඹට ඇහුම්කන්දුනිමි. ගැළවීමේ දවසකදී නුඹට පිහිට වුණෙමියි උන්වහන්සේ කියනසේක. මෙන්න, දැන් පිළිගත යුතුවූ කාලයය; මෙන්න, දැන් ගැළවීමේ දවසය.