පූජකයා උගේ හොඳ නරක හැටියට උගේ ගණන නියමකෙරේවා. පූජකයාවූ නුඹේ නියම කිරීමේ හැටියටම වේවා.
ලෙවී කථාව 27:23 - Sinhala Revised Old Version පූජකයා ජුබිලි වර්ෂය දක්වා නුඹ නියමකරන මිලයේ හැටියට ඔහුට ගණන බලා කියාවා. ඔහු ඒ දවසේදී නුඹ නියමකරන ගණන ස්වාමීන්වහන්සේට ශුද්ධ දෙයක්කොට දේවා. Sinhala New Revised Version පූජකවරයා එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන අනුව ය. ඒ දින ම ඔහු මුදල ගෙවිය යුතු ය. ඒ මුදල කැප වූ වස්තුවක් වනු ඇත. Sinhala New Revised Version 2018 පූජකවරයා එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන අනුව ය. ඒ දින ම ඔහු මුදල ගෙවිය යුතු ය. ඒ මුදල කැප වූ වස්තුවක් වනු ඇත. |
පූජකයා උගේ හොඳ නරක හැටියට උගේ ගණන නියමකෙරේවා. පූජකයාවූ නුඹේ නියම කිරීමේ හැටියටම වේවා.
එහෙත් ඔහුගේ කෙත ජුබිලි වර්ෂයට පසුව කැපකරන්නේනම් පූජකයා ජුබිලි වර්ෂය දක්වා ඉතිරිව තිබෙන අවුරුදු ලෙස ඔහුට මිල ගණන් බලා කියාවා, ඒ හැටියට නුඹේ නියමකිරීම අඩුවන්නේය.