පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පව්කරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්ටත් ඔවුන් වාලටගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්ටත් යෙදුණොත්,
ලෙවී කථාව 26:33 - Sinhala Revised Old Version මම ජාතීන් අතරෙහි නුඹලා විසුරුවා නුඹලා පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. නුඹලාගේ දේශය නාස්තියක්ද නුඹලාගේ නුවරවල් පාළුවක්ද වන්නේය. Sinhala New Revised Version නුඹලාට විරුද්ධ ව යුද්ධ ඇති කොට, මිසදිටුවන් අතර නුඹලා විසුරුවා හරිමි. නුඹලාගේ රට පාළු වනු ඇත, නගර වැනසෙනු ඇත. Sinhala New Revised Version 2018 නුඹලාට විරුද්ධ ව යුද්ධ ඇති කොට, මිසදිටුවන් අතර නුඹලා විසුරුවා හරිමි. නුඹලාගේ රට පාළු වනු ඇත, නගර වැනසෙනු ඇත. |
පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පව්කරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්ටත් ඔවුන් වාලටගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්ටත් යෙදුණොත්,
ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද යෙරුසලමේ සියලු ගෙවල්ද ගිනිලෑවේය, ලොකු ගෙවල් සියල්ලම ඔහු ගින්නෙන් දවාදැමුවේය.
නුමුත් නුඹලා හැරී මා විසින් නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පනත්ද ආඥාද අත්හැර ගොස් වෙන දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන්නහු නම්,
ඔව්හු කථාකොට: වාල්කමෙන් ඉතුරුවී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති. යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේයයි මට කීවෝය.
අහෝ ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණකළ දෙය සිහිකළ මැනව. එනම්: නුඹලා ද්‍රෝහිකම්කළොත් මම නුඹලා ජාතීන් අතරේ විසුරුවන්නෙමි.
එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කථාකොට: ඔබගේ රාජ්‍යයේ සියලු රටවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර වෙනම සිටිති; ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස්ය; ඔවුන් රජුගේ ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින් ඔවුන්ට සිටින්ට ඉඩදීම රජ්ජුරුවන්ට වටින්නේ නැත.
නුඹලාගේ දේශය පාළුවී තිබේ; නුඹලාගේ නුවරවල් ගින්නෙන් දවා දමා තිබේ; නුඹලාගේ භූමිය නුඹලා ඉදිරියේදී විදේශියෝ නාස්තිකෙරෙති, ඒක විදේශීන්ගේ වැනසීමක් ලෙස පාළුවක් වී තිබේ.
එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකටදැයි ඇසුවෙමි. උන්වහන්සේද: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්,
යූදාහි රජවූ හෙසකියාගේ පුත්‍රවූ මනස්සේ විසින් යෙරුසලමෙහි කළ දේ නිසා පීඩා විදීමට ඔවුන් පොළොවේ සියලු රාජ්‍යවලට භාරදෙන්නෙමි.
එම්බා ජාතීනි, ස්වාමීන්වහන්සේගේ වචන අසා, දුරස්තර දිවයින්වල දන්වමින් ඉශ්‍රායෙල්වරුන් විසිරෙවු තැනන්වහන්සේ ඔවුන් රැස්කර, එඬේරා තමාගේ රැළ ආරක්ෂාකරන්නැයි ඔවුන් ආරක්ෂාකරනසේකැයි කියන්න.
සිංහයෙක් තමාගේ කැලෑවෙන් නික්මුණේය; ජාතීන් නාස්තිකරන්නෙක්ද නික්ම ගියේය; නුඹේ දේශය පාළුකරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත්වී ගමන්කරන්නේය; වැසියෙක් නොසිටින හැටියට නුඹේ නුවරවල්ද විනාශවන්නේය.
එවිට යූදා නුවරවලිනුත් යෙරුසලමේ වීථිවලිනුත් ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද නවත්වන්නෙමි. මක්නිසාද දේශය පාළුවක් වන්නේය.
මේ නපුරු පෙළපතින් ඉතුරුවෙන අය, මා විසින් පන්නා දැමූ සෑම තැන්වල ඉතුරුවෙන ඔවුන් සියල්ලෝම, ජීවත්වීමට වඩා මරණය තෝරා ගන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් දැනනොගත් ජාතීන් අතරට ඔවුන් විසුරුවා, මම ඔවුන් නැතිකරන තුරු කඩුව ඔවුන් පසුපස්සේ හරින්නෙමි.
සෙනඟගෙන් පිරී තිබුණු නුවර තනිව හිඳින හැටි! ඈ වැන්දඹුවක් මෙන් වූ හැටි! ජාතීන් අතරෙහි උතුම්ව දනව් අතරෙහි කුමාරිකාවක්ව සිටි තැනැත්තී ආදායමට යටත්වූ හැටි!
පීඩාව නිසාද අධික දාසකම නිසාද යූදා වහල්කමට ගියාය; ඈ මිථ්‍යාදෘෂ්ටි ජාතීන් අතරෙහි වසයි, ඈ කිසි සහනයක් නොලබයි. ඈ පස්සේ එළවාගෙනගිය හැමදෙන කඳු පාරවලදී ඈ අසුකරගත්තෝය.
අහක්වෙන්න, අපවිත්‍රය! අහක් වෙන්න, අහක්වෙන්න, තැවරෙන්ට එපායයි ඔව්හු ඔවුන්ට මොරගැසුවෝය. ඔවුන් පලාගොස් ඔබමොබ ගිය විට: ඔව්හු තවත් මෙහි නොසිටින්නෝ යයි ජාතීන් අතරේ කියනලද්දේය.
ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් භේදකෙළේය; උන්වහන්සේ තවත් ඔවුන් නොසලකනසේක. ඔව්හු පූජකයන්ගේ මුහුණට ගරු නොකළෝය, වැඩිමහල්ලන්ට කරුණා නොකළෝය.
වැසියන් ඇති නුවරවල්ද නාස්තිවී, දේශය පාළුවක් වන්නේය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි කීවේය.
තවද: මම ඔවුන් ජාතීන් අතරට පන්නා දේශවල විසුරුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි;
මම නුඹ ජාතීන් අතරට පන්වා, නුඹ දේශවල විසුරුවා, නුඹේ අපවිත්‍රකම නුඹෙන් නැතිකරදමන්නෙමි.
ඉන් තුනෙන් පංගුවක් වටලෑමේ දවස් සම්පූර්ණවූ කල්හි නුවර මැද ගින්නෙන් දවන්න; තුනෙන් පංගුවක් රැගෙන වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් හුළඟට විසුරුවාදමන්න, මමද ඒවා පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.
මක්නිසාද ඔව්හු විනාශය වෙතින් ඉවත්ව ගියෝය, නුමුත් මිසරය ඔවුන් එකතුකරගන්නේය, මෙම්පිස්හි ඔව්හු වළලනු ලබන්නෝය. ඔවුන්ගේ ප්‍රියවූ රිදී බඩු කහඹිලියාවලට හිමිවන්නේය. ගොකටුද ඔවුන්ගේ කූඩාරම්වල හැදෙන්නේය.
ඔවුන් තමුන්ගේ සතුරන් ඉදිරියෙහි වහල්කමට ගියත්, එහිදී ඔවුන් මරන හැටියට කඩුවට අණකරන්නෙමි. යහපත පිණිස නොව විපත්තිය පිණිස මාගේ ඇස් ඔවුන් දෙස යොමුකරන්නෙමි.
ඔවුන් නොදන්නාවූ සියලු ජාතීන් අතරට සුළිහුළඟකින් ඔවුන් විසුරුවාදමන්නෙමි. මෙසේ ඔවුන් ගියායින් පසු දේශය මැදින් යන එන කෙනෙක් නැතුව ඒක පාළුවෙන හැටියට ඔව්හු ප්‍රියවූ දේශය පාළුවක් කළෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.
ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.
ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් අතරෙහි නුඹලා විසුරුවනවා ඇත, ස්වාමීන්වහන්සේ විසින් නුඹලා පමුණුවන ජාතීන් අතරෙහි නුඹලා ගණනින් ස්වල්පව සිටින්නහුය.
දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් දාසයෙක්වූ යාකොබ් විසින් විසිරී සිටින්නාවූ ගෝත්‍ර දොළොසට ශුභ සිද්ධවන ලෙස ලියා එවන වග නම්: