Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 1:1 - Sinhala Revised Old Version

1 සෙනඟගෙන් පිරී තිබුණු නුවර තනිව හිඳින හැටි! ඈ වැන්දඹුවක් මෙන් වූ හැටි! ජාතීන් අතරෙහි උතුම්ව දනව් අතරෙහි කුමාරිකාවක්ව සිටි තැනැත්තී ආදායමට යටත්වූ හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 සෙනඟගෙන් පිරී තිබුණ නුවර දැන් පාළු වී තිබෙන හැටි! ජාතීන් අතර උතුම් වී සිටි ඈ කණවැන්දුමියක මෙන් වී දේශාධිපතිනියක් වූ ඇය දාසියක් වී සිටින හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සෙනඟගෙන් පිරී තිබුණ නුවර දැන් පාළු වී තිබෙන හැටි! ජාතීන් අතර උතුම් වී සිටි ඈ කණවැන්දුමියක මෙන් වී දේශාධිපතිනියක් වූ ඇය දාසියක් වී සිටින හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 1:1
38 හුවමාරු යොමු  

ඇගේ දොරටු වැලපෙන්ටත් හඬන්ටත් යෙදෙනවා ඇත; ඈ අසරණව බිම හිඳගන්නවා ඇත.


ගඟ එගොඩ තිබෙන මුළු රට ආණ්ඩුකළ බලවත් රජුන් යෙරුසලමෙහි සිටි බවත් තීරුවද ආදායම්ද සුංගම්ද ඔවුන්ට දෙනලද බවත් දැනගන්ට ලැබුණේය.


සාලමොන් වනාහි ප්‍රාත් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔව්හු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය.


භය නොවන්න; මක්නිසාද නුඹ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; නුඹ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, නුඹේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.


ප්‍රීතිමත්ව අප්‍රවේසමෙන් වාසයකරමින්: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි සිත තුළ සිතාගත්තාවූ නුවර මේය. ඒක පාළුවක්ද මෘගයන් ලගින තැනක්ද වූ හැටි! ඒ ළඟින් යන හැම දෙනම කවටකම්කර අත සොලවනවා ඇත.


අපේ හිසින් ඔටුන්න වැටුණේය. අපට දුක්වේ! මක්නිසාද අපි පව් කෙළෙමුව.


නුඹ තුළ මැරුම්කෑ අය කඩුවෙන් මරනලද්දෝවත් සටනේදී මැරුණෝවත් නොවෙති.


යෙහෝයාකිම් ඒ රිදීද රන්ද ඵාරාවෝට දුන්නේය; නුමුත් ඵාරාවෝගේ ආඥාවේ ප්‍රකාර ඒ මුදල් දෙන පිණිස ඔහු දේශයට ගණන නියමකොට, ඵාරාවෝ-නෙකොට දීමට එකිනෙකාට නියමකළ හැටියට ඒ රිදීද රන්ද දේශයේ සෙනඟගෙන් අයකෙළේය.


ඈ යම් පමණක් තමාම වර්ණනාකරගනිමින් සැපජීවිකාවෙන් වැඩිවූවාද, එපමණටම ඈට ශෝකය හා වධ දෙන්න. මක්නිසාද: මම බිසවක්ව වැඩහිඳිමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකයද කිසිසේත් නොදකිමියි ඈ සිතින් කියාගන්නීය.


එකල මුහුදේ සියලුම අධිපතීහුද තමුන්ගේ සිංහාසනවලින් බැස, තමුන්ගේ සළු අහක තබා, තමුන්ගේ විසිතුරු වස්ත්‍ර ගළවාදමා, වෙවුලුම් [නැමති වස්ත්‍ර] ඇඳ බිම හිඳගෙන, මොහොතින් මොහොත වෙවුලමින්, නුඹ ගැන විස්මපත් වන්නෝය.


රත්රන් අඳුරුවී තිබෙන හැටි! පවිත්‍ර රත්රන් වෙනස්වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු වීථි සන්ධිවල විසුරුවා තිබේ.


සියොන් දුවගේ වැඩිමහල්ලෝ බිම හිඳගෙන නිශ්ශබ්දව සිටිති; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි හැඳ සිටිති. යෙරුසලමේ කන්‍යාවෝ තමුන්ගේ හිස් බිමට නමාගෙන හිඳිති.


ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසින් සියොන් දුව වලාකුළකින් වැසූ හැටි! ‍‍ උන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ අලංකාරය ස්වර්ගයෙන් පොළොවට හෙළූසේක, තමන් උදහසේ දවසේදී තමන් පා පුටුව සිහි නොකළසේක.


මුළු පොළොවේ කුළුගෙඩිය දෙකට කපා කඩාදමනු ලැබූ හැටි! ජාතීන් අතරේ බබිලෝනිය පාළුවක් වූ හැටි!


ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ඔවුන්ටත් ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම්දෙමින් කථාකොට: කල්දිවරුන්ට සේවයකරන්ට භය නොවෙන්න. දේශයෙහි වසමින් බබිලෝනියේ රජුට සේවයකරන්න, එවිට නුඹලාට ශුභසිද්ධවන්නේය.


මම යෙරුසලම ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද කරන්නෙමි; වැසියෙක් නොසිටින හැටියට මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමි.


ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ: නුඹේ දෙවියන්වහන්සේ රජකම්කරනසේකැයි සියොන්ට කියන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!


යෙරුසලම නුඹ ධූලි ගසාදමා, නැගිට වාඩිවෙන්න. වාලියෙක්වූ සියොන් දුව, නුඹේ බෙල්ලේ බැඳුම් ගළවාදමන්න.


දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි!


ගෝත්‍රයෝ, ස්වාමීන්ගේ ගෝත්‍රයෝ, ඉශ්‍රායෙල්ට සාක්ෂියක් වශයෙන් ස්වාමීන්ගේ නාමයට ස්තුතිකරන පිණිස එතැනට යෙති.


එය අපේ පව් නිසා ඔබ අප කෙරෙහි පත්කළ රජුන්ට බොහෝ අස්වැන්න උපදවන්නේය. ඔව්හු තමුන්ගේ කැමැත්ත පරිදි අපේ ශරීර කෙරෙහිත් බලය පවත්වති, අපිද මහත් දුකින් සිටිමුව.


තවත් සමහරෙක්: රජුගේ තීරුව දීමට අපේ බිම්ද මිදිවතුද බැඳ මිල ණයටගතිමු.


එවිට ඔහු යෙරුසලමෙහි රජකම් නොකරන පිණිස ඵාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහිදී ඔහු හිර අඩස්සිකොට, රිදී තලෙන්ත සියයකුත් රන් තලෙන්තයකුත් දේශයට දඩගැසුවේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ කන පැහැදූසේක, මා කැරළිකාරවුණේවත් පස්සට හැරුණේවත් නැත.


ඔහු ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සිටිය සියලු රජවරුන් කෙරෙහි ආණ්ඩුකෙළේය.


එවිට නුඹේ සිතින් නුඹ කල්පනාකොට: මොවුන් මට ඉපදෙවූවේ කවුද? මම දරුවන් නැතුව වඳව, රටෙන් පිට වහල්වී, ඔබ මොබ ගියෙමි; මොවුන් ඇතිකළේ කවුද? මම තනිව සිටියෙමි; මොවුන් සිටියේ කොතැනදැයි කියනවා ඇත.


එසේය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යාකොබ් ගැන ප්‍රීතියෙන් ගී කියා ජාතීන්ට ප්‍රධාන ජාතිය ගැන ශබ්දනගන්න. ප්‍රකාශකරමින්ද, වර්ණනාකරමින්ද: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟ වන ඉතුරුව සිටින ඉශ්‍රායෙල්වරුන් ගැළවුව මැනවයි කියන්න.


අනේ නුඹ අපේ කන්නලව්ව පිළිගෙන අප විසින් යා යුතු මාර්ගයත් අප විසින් කරන්ට යුතුදේත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දන්වන හැටියට මෙහි ඉතිරිව සිටින අප සියල්ලන් උදෙසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න;


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක. මේක යෙරුසලමය; ඈ ජාතීන් මැද පිහිටෙවුවෙමි, ඈ අවටින් රටවල් තිබේ.


මම නුඹලාගේ නුවරවල් පාළුවක් කොට නුඹලාගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, නුඹලාගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.


මම ජාතීන් අතරෙහි නුඹලා විසුරුවා නුඹලා පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. නුඹලාගේ දේශය නාස්තියක්ද නුඹලාගේ නුවරවල් පාළුවක්ද වන්නේය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් යෙරුසලම පිටටත් යූදාහි සියලු නුවරවල් පිටටත් පැමිණෙවු සියලු විපත්ති නුඹලා දුටුවහුය; බලව, අද ඒවා පාළුවක් වී තිබේ, කිසිවෙක් එහි නොවසයි.


ඒ නිසා මාගේ කෝපය හා උදහස වැගිරී, යූදාහි නුවරවලද යෙරුසලමේ වීථිවලද ඇවුළුණේය; ඒවා අද දවසේ තිබෙන ලෙස පාළුව නාස්තිව තිබේ.


මාගේ ප්‍රේමවන්තයන්ට අඬගැසීමි, නුමුත් ඔව්හු මා රැවටුවෝය. මාගේ පූජකයෝද මාගේ වැඩිමහල්ලෝද තමුන්ගේ ප්‍රාණ රැකගන්න පිණිස තමුන්ට කෑම සොයන අතර නුවරදී නැසී ගියෝය.


මනුෂ්‍ය පුත්‍රය, තීර් යෙරුසලමට විරුද්ධව කථාකොට–ඔහෝ, ජනයන්ගේ දොරටුව වන ඈ කඩා දමනු ලැබුවාය. එය මා දෙසට ඇරී තිබෙයි. ඈ පාළුකරනු ලැබ සිටින නිසා මට පූර්ණකම ඇතිවන්නේයයි කී බැවින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්