ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 25:49 - Sinhala Revised Old Version

ඔහුගේ මවුගේවත් පියාගේවත් සහෝදරයාට හෝ මවුගේවත් පියාගේවත් සහෝදරයාගේ පුත්‍රයාට හෝ ඔහුගේ පවුලට ළඟ නෑයින්ගෙන් කෙනෙකුට හෝ ඔහු මුදාගන්ට පුළුවන; නොහොත් ඔහු ධනවත් වන්නේනම් තමාම මුදාගන්ට හැකිවන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහුගේ මාමාට හෝ මාමාගේ පුතුට හෝ තම පවුලේ කිට්ටු නෑයෙකුට හෝ මුදල් ගෙවා ඔහු ආපසු ගත හැක. ඔහුට වත්කමක් තිබේ නම්, මුදල් ගෙවා තමාට ම නිදහස ලබාගත හැකි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහුගේ මාමාට හෝ මාමාගේ පුතුට හෝ තම පවුලේ කිට්ටු නෑයෙකුට හෝ මුදල් ගෙවා ඔහු ආපසු ගත හැක. ඔහුට වත්කමක් තිබේ නම්, මුදල් ගෙවා තමාට ම නිදහස ලබාගත හැකි ය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 25:49
4 හුවමාරු යොමු  

එසේ යමෙකුට මිදුම්කාරයෙක් නැති නුමුත් ඔහු පොහොසත්ව එය මුදාගැනීමට සෑහෙන පමණ වත්කම ලබාගත්තොත්,


ඔහු වික්ක දා පටන් අවුරුදු ගණන්කොට වැඩිව තිබෙන මුදල් ඒක මිලේට ගත් තැනැත්තාට නැවත දී තමාගේ උරුමයට දෙවනු පැමිණේවා.


ඔහු විකුණු පසු නැවත මුදනු ලැබිය හැකිය; ඔහුගේ සහෝදරයන්ගෙන් එක් කෙනෙකුට ඔහු මුදාගත හැකිය.


ඔහු මිලේට ගත් තැනැත්තා සමඟ විකුණනු ලබන අවුරුද්ද පටන් ජුබිලි අවුරුද්ද දක්වා ගණන්බලාවා. ඔහුගේ විකිණීමේ මිල ඒ අවුරුදු ගණන හැටියට වන්නේය; ඔහු පඩියට වැඩකරන්නෙකුගේ කාලය ලෙස ඔහු සමඟ සිටීවා.