Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:27 - Sinhala Revised Old Version

27 ඔහු වික්ක දා පටන් අවුරුදු ගණන්කොට වැඩිව තිබෙන මුදල් ඒක මිලේට ගත් තැනැත්තාට නැවත දී තමාගේ උරුමයට දෙවනු පැමිණේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එවැනි අවස්ථාවක දී ඔහු විකුණූ දා සිට අවුරුදු ගණන ගණන් කොට, ඊළඟ ජුබිලිය දක්වා තිබෙන අවුරුදු ගණන අනුව, ඒවා මිල දී ගත් තැනැත්තාට ආපසු ගෙවා තම ඉඩකඩම් ආපසු ලබා ගන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 එවැනි අවස්ථාවක දී ඔහු විකුණූ දා සිට අවුරුදු ගණන ගණන් කොට, ඊළඟ ජුබිලිය දක්වා තිබෙන අවුරුදු ගණන අනුව, ඒවා මිල දී ගත් තැනැත්තාට ආපසු ගෙවා තම ඉඩකඩම් ආපසු ලබා ගන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:27
5 හුවමාරු යොමු  

අස්වැන්න ලැබෙන ප්‍රමාණයට ඔහු නුඹට ඒවා විකුණන නිසා, අවුරුදුවල වැඩිකමේ ප්‍රකාරයට එහි මිල ගණන වැඩිකළ යුතුය, අවුරුදුවල අඩුකමේ ප්‍රකාරයට එහි මිල ගණන අඩුකළ යුතුය.


එසේ යමෙකුට මිදුම්කාරයෙක් නැති නුමුත් ඔහු පොහොසත්ව එය මුදාගැනීමට සෑහෙන පමණ වත්කම ලබාගත්තොත්,


ඔහුගේ මවුගේවත් පියාගේවත් සහෝදරයාට හෝ මවුගේවත් පියාගේවත් සහෝදරයාගේ පුත්‍රයාට හෝ ඔහුගේ පවුලට ළඟ නෑයින්ගෙන් කෙනෙකුට හෝ ඔහු මුදාගන්ට පුළුවන; නොහොත් ඔහු ධනවත් වන්නේනම් තමාම මුදාගන්ට හැකිවන්නේය.


නුඹලාට උරුමවෙන මුළු දේශයෙහි බිම් මුදාගන්ට නුඹලා ඉඩඇරිය යුතුය.


එහෙත් ඔහුගේ කෙත ජුබිලි වර්ෂයට පසුව කැපකරන්නේනම් පූජකයා ජුබිලි වර්ෂය දක්වා ඉතිරිව තිබෙන අවුරුදු ලෙස ඔහුට මිල ගණන් බලා කියාවා, ඒ හැටියට නුඹේ නියමකිරීම අඩුවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්