Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:50 - Sinhala Revised Old Version

50 ඔහු මිලේට ගත් තැනැත්තා සමඟ විකුණනු ලබන අවුරුද්ද පටන් ජුබිලි අවුරුද්ද දක්වා ගණන්බලාවා. ඔහුගේ විකිණීමේ මිල ඒ අවුරුදු ගණන හැටියට වන්නේය; ඔහු පඩියට වැඩකරන්නෙකුගේ කාලය ලෙස ඔහු සමඟ සිටීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 ඔහු තමා මිල දී ගත් තැනැත්තා සමඟ එකඟ වී, තමා ම විකුණාගත් දින සිට ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කළ යුතු ය. පසුව ඔහුට නිදහස දීම සඳහා ගෙවිය යුතු මිල නියම කළ යුත්තේ, කුලීකරුවෙකුට ගෙවන වේතනය අනුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 ඔහු තමා මිල දී ගත් තැනැත්තා සමඟ එකඟ වී, තමා ම විකුණාගත් දින සිට ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කළ යුතු ය. පසුව ඔහුට නිදහස දීම සඳහා ගෙවිය යුතු මිල නියම කළ යුත්තේ, කුලීකරුවෙකුට ගෙවන වේතනය අනුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:50
10 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමීන්වහන්සේ මට කථාකොට: කුලීකාරයෙකුගේ අවුරුදු ලෙස තව අවුරුද්දකින් කේදාර්හි මුළු තේජස නැතිව යන්නේය.


නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කථාකොට: කුලීකාරයෙකුගේ අවුරුදු ලෙස තුන් අවුරුද්දකින් මෝවබ්ගේ ඉසුරුමත්කම ඔහුගේ මහත් සමූහයා ඇතුළුව නීචකමට පැමිණෙනවා ඇත; ඉතිරිවෙන්නේ ඉතා ස්වල්පවූ දුර්වලවූ කොටසක්යයි කීසේක.


ඔහු තමාගේ දවස කුලීකාරයෙකු මෙන් භුක්තිවිඳ නිමවෙන තුරු, ඔහු නිෂ්කලංකය ලබන පිණිස, ඔබගේ ඇස් ඔහු කෙරෙන් හරවාගත මැනව.


නුඹ කෙරෙන් ඔහු නිදහස් කර හැරීම නුඹට අමාරු කාරණාවක් ව නොපෙනේවා; මක්නිසාද ඔහු සාවුරුද්දක් කුලීකාරයෙකුගේ වැඩෙන් දෙපංගුවකට වඩා නුඹට වැඩකෙළේය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේද නුඹ කරන සියල්ලේදී නුඹට ආශීර්වාදකරනවා ඇත.


අවුරුද්දෙන් අවුරුද්ද පඩියට වැඩකරන්නෙකු මෙන් ඔහු ඒ අය වෙත සිටීවා. ඒ අය නුඹ ඉදිරිපිට ඔහු කෙරෙහි තද ලෙස අධිපතිකම් නොකෙරේවා.


කුලීකාරයෙකු මෙන්ද විදේශියෙකු මෙන්ද ඔහු නුඹ වෙත සිටිමින් ජුබිලි වර්ෂය දක්වා නුඹට මෙහෙකෙරේවා.


එහෙත් එය නැවත ලබාගන්ට ඔහුට නොහැකිවී නම් විකුණනලද ඉඩම මිලේටගත් තැනැත්තාගේ අතේ ජුබිලි වර්ෂය දක්වා තිබේවා. ජුබිලි වර්ෂයෙහි ඒක මිදෙන්නේය, ඔහුද තමාගේ උරුමයට නැවත පැමිණෙන්නේය.


ඔහුගේ මවුගේවත් පියාගේවත් සහෝදරයාට හෝ මවුගේවත් පියාගේවත් සහෝදරයාගේ පුත්‍රයාට හෝ ඔහුගේ පවුලට ළඟ නෑයින්ගෙන් කෙනෙකුට හෝ ඔහු මුදාගන්ට පුළුවන; නොහොත් ඔහු ධනවත් වන්නේනම් තමාම මුදාගන්ට හැකිවන්නේය.


බොහෝ අවුරුදු ඉතුරුව තිබේනම් ඒවායේ හැටියට තමාගේ මිදීමේ මිලය තමා විකුණනු ලැබූ මිලයෙන් නැවත ගෙවිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්