ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 11:5 - Sinhala Revised Old Version

බෙන් හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ නුඹලාට අපවිත්‍රය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පොළොවේ බෙන් හාවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පොළොවේ බෙන් හාවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 11:5
12 හුවමාරු යොමු  

ඔව්හු යෞවන වයසේදී නසිති; ඔවුන්ගේ ජීවිතය දූෂ්‍යවූවන් අතරේ විනාශවෙයි.


උස් කඳු වල් එළුවන්ටය; පර්වත සාවුන්ට ආරක්ෂාස්ථානයක්වේ.


බෙන්හාවෝ බෙලහීන ජාතියක්ය, එහෙත් උන් තමුන්ගේ ගෙවල් පර්වතවල සාදාගනිති;


මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ වමාරාකන්නාවූ සියල්ලන් නුඹලාට කන්ට පුළුවන.


එසේ වී නුමුත් වමාරාකන මෘගයන්ගෙන්ද කුරය බෙදුණවුන්ගෙන්ද මොවුන් නුඹලා විසින් නොකෑ යුතුය: එනම් ඔටුවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා නුඹලාට අපවිත්‍රය.


හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ නුඹලාට අපවිත්‍රය.


යමෙක් මාගේ මේ වචන අසා, ඒවා පිළි නොපදීද, ඔහු වැලි මත්තෙහි තමාගේ ගෙය සාදාගත් නුවණ නැති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.


එසේ වී නුමුත් වමාරා කනවුන්ගෙන්ද කුරය බෙදී වෙන්ව තිබෙනවුන්ගෙන්ද නුඹලා නොකෑ යුතු සත්තු නම්: ඔටුවාත් හාවාත් බෙන්හාවාත්ය; උන් වමාරා කන නුමුත් උන්ගේ කුරය බෙදී නැති නිසා නුඹලාට අපවිත්‍රය.


දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙන්න.


ඔව්හු දෙවියන්වහන්සේ දැනගන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශකරති.