ලෙවී කථාව 11:23 - Sinhala Revised Old Version එහෙත් පියාපත් ඇති බඩගායන සතර පයින් ඇවිදින සියලු සත්තු නුඹලාට පිළිකුලක්ය. Sinhala New Revised Version එහෙත්, පා හතරින් යන, පියාපත් සහිත අන් සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය. Sinhala New Revised Version 2018 එහෙත්, පා හතරින් යන, පියාපත් සහිත අන් සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය. |
එනම් ඒ ඒ වර්ගයේ පළඟැටියෝද ඒ ඒ වර්ගයේ තට්ට පළඟැටියෝද ඒ ඒ වර්ගයේ ගොඩ වෙලුවෝද ඒ ඒ වර්ගයේ තනගිරව්ද නුඹලාට කන්ට පුළුවන.
නුඹලා මුන්ගෙන් අපවිත්‍රවන්නහුය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.
පාද සතරෙන් යන සියලු ආකාර මෘගයන් අතරෙන් පතුල් තබායන සියල්ලෝ නුඹලාට අපවිත්‍රය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රවන්නේය.
තමා අපවිත්‍රකළ හැකි බඩගායන කිසි සතෙකුට හෝ තමා කොයි අන්දමින් නුමුත් අපවිත්‍රකළ හැකි අපවිත්‍රකමක් ඇති කිසි පුරුෂයෙකුට හෝ,