ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 9:27 - Sinhala Revised Old Version

තවද යෙසායා මොරගසා ඉශ්‍රායෙල් ගැන කියන්නේ: ඉශ්‍රායෙල් දරුවන්ගේ ගණන මුහුදේ වැලිමෙන් වන නුමුත්, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණක්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද යෙසායා ඉශ්රායෙල් ගැන ප්‍රකාශයක් කරමින්: “ඉශ්රායෙල් දරුවන්ගේ ගණන මුහුදු වෙරළේ වැලි මෙන් වුව ද, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණෙකි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

යෙසායා ඉශ්‍රායෙල් ජනයා පිළිබඳව මොරගාමින් මෙසේ කීවේ ය. “ඉශ්‍රායෙල් දරුවන්, ගණනින් මුහුදු වෙරළේ වැලි මෙන් වුව ද, ගලවනු ලබන්නේ ඉන් ඉතිරි ස්වල්ප දෙනකු පමණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද යෙසායා ඉශ්රායෙල් ගැන ප්‍රකාශයක් කරමින්: “ඉශ්රායෙල් දරුවන්ගේ ගණන මුහුදු වෙරළේ වැලි මෙන් වුව ද, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණෙකි.

පරිච්ඡේදය බලන්න



රෝම 9:27
15 හුවමාරු යොමු  

මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරෙළහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය;


අපි නැවත ඔබගේ ආඥා කඩකර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ නෑකම් බඳිමුද? එසේ කළොත්, එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු නොවෙන ලෙස අප නැතිකර දමන තුරු ඔබ අප කෙරෙහි උදහස් නොවනසේක්ද?


එහෙත් දැන් අපෙන් ස්වල්ප දෙනෙකු ඉතුරු කරන පිණිසත් ස්වකීය ශුද්ධස්ථානයෙහි අප පිහිටුවන පිණිසත් ස්වල්ප වේලාවකට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් අපට කරුණාව ලැබී තිබේ. මෙසේ අපේ දෙවියන්වහන්සේ අපේ ඇස් එළියකර, අපේ වාල්කමේදී අපට ස්වල්ප සහනයක් දෙනසේක.


යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වලදී යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටුදර්ශනයය.


සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමුව.


තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.


මක්නිසාද ඔලීව ගසක් සොලවන්නාක් මෙන්ද මිදිපල කඩා නිමවූ කල ඉතිරි මිදිපල නෙළාගන්නාක්මෙන්ද පොළොව මැද ජනයන් අතරේ සිදුවන්නේය.


මිසර දේශයෙහි පොරොත්තුව සිටින්ට ගිය ඉතිරි යූදාවරුන් යූදා දේශයෙහි විසීමට හැරීඑන්ට ආශාවෙන් සිටින්නේවී නුමුත්, ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතිරි නොවන්නේය; සැඟවී යන අය මිස වෙන කිසිවෙක් හැරී නොඑන්නේයයි කීය.


ඇගේ පවුරුවලට නැගී ගොස් නාස්තිකරන්න. එහෙත් තීන්දුවටම නැතිනොකරන්න. ඇගේ අතු පහකරන්න; මක්නිසාද ඒවා ස්වාමීන්වහන්සේට අයිති නැත.


එසේවී නුමුත් දේශවල නුඹලා විසුරුවනු ලබන කල, නුඹලාගෙන් සමහරෙක් කඩුවෙන් ගැළවී ජාතීන් අතරේ සිටින පිණිස කොටසක් ඉතිරිකරන්නෙමි.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන මනින්ටවත් ගණින්ටවත් බැරිවූ මුහුදේ වැලි මෙන් වන්නේය. තවද: නුඹලා මාගේ සෙනඟ නොවේයයි ඔවුන්ට කියන ස්ථානයේ දීම-ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි ඔවුන්ට කියනු ලැබේ.


තවද ස්වාමීන්වහන්සේගේ නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ ස්වාමීන්වහන්සේ කැඳවන අයද සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් සිටිනවා ඇත.