එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.
රෝම 9:14 - Sinhala Revised Old Version එසේවී නම් කුමක් කියමුද? දෙවියන්වහන්සේ වෙත අධර්මිෂ්ඨකම ඇද්ද? එසේ නොවේවා. Sinhala New Revised Version එසේ නම් අපි කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේගේ තීන්දුව අසාධාරණ ද? කොහෙත් ම නැත. සිංහල කාලීන පරිවර්තනය එසේ නම් අපි කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අසාධාරණ යැයි කිව හැකි ද? සත්තකින්ම නැත! Sinhala New Revised Version 2018 එසේ නම් අපි කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේගේ තීන්දුව අසාධාරණ ද? කොහෙත් ම නැත. |
එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.
එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව ප්‍රවේසමින් ක්‍රියාකරන්න; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අයුක්තියක්වත් මනුෂ්‍යයන්ගේ තරාතිරම් බැලීමක්වත් අල්ලස් ගැනීමක්වත් නැතැයි විනිශ්චයකාරයන්ට කීවේය.
මාගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට වැඩියයි නුඹ කී එක හරිය කියා නුඹ සිතනවාද?
ස්වාමීන්වහන්සේ ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය.
ස්වාමීන්වහන්ස, මා ඔබ සමඟ කාරණා කියන කල ඔබ ධර්මිෂ්ඨය. එහෙත් ඒ ගැන ඔබ සමඟ තර්කකරන්ට කැමැත්තෙමි. දුෂ්ටයන්ගේ මාර්ගය දියුණුවන්නෙත් තද ද්‍රෝහිකම්කරන සියල්ලන් සුවසේ සිටින්නෙත් මක්නිසාද?
ඔහු ඇවිත් ඒ ගොවීන් විනාශකොට, මිදිවත්ත අන්‍යයන්ට දෙන්නේයයි කීසේක. ඔව්හු ඒ අසා: එසේ නොවේවයි කීවෝය.
නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද?
එසේවී නම් කුමක් කියමුද? ධර්මිෂ්ඨකම අනුව නොගියාවූ අන්‍යජාතීහු ධර්මිෂ්ඨකමට එනම් ඇදහිල්ලෙන්වූ ධර්මිෂ්ඨකමට පැමිණියෝය,
උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙකි, උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය.
එසේය, සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨයයි කියනවා පූජාසනයෙන් මට ඇසුණේය.