රෝම 4:7 - Sinhala Revised Old Version තමුන්ගේ අයුතුකම්වලට කමාවත් තමුන්ගේ පාපයට වැස්මත් ලැබූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය. Sinhala New Revised Version “තමන්ගේ අධාර්මික ක්‍රියාවලට කමාවත්, පාපවලින් නිදහසත් ලැබූ අය භාග්‍යවන්තයෝ ය. සිංහල කාලීන පරිවර්තනය “තමන්ගේ නොපනත්කම්වලට කමාව ලැබූවෝ ද තමන්ගේ පාප වසා දමනු ලැබූවෝ ද භාග්‍යවත් ය. Sinhala New Revised Version 2018 “තමන්ගේ අධාර්මික ක්‍රියාවලට කමාවත්, පාපවලින් නිදහසත් ලැබූ අය භාග්‍යවන්තයෝ ය. |
එවිට, ඔව්හු ඇඳක ඔත්පළව හුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, ධෛර්යවත්වෙන්න; නුඹේ පව් කමාකරනලද්දේයයි අංශභාග රෝගියාට කීසේක.
එලෙසම දෙවියන්වහන්සේ යමෙකුට ධර්මිෂ්ඨකම ක්‍රියා නැතුව ගණන් තබනසේක්ද, ඔහුගේ ආශිර්වාදලත්කම දාවිත් දක්වමින්: