Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




රෝම 4:8 - Sinhala Revised Old Version

8 ස්වාමීන්වහන්සේ විසින් පාපය ගණන් නොතබන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේයයි කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සමිඳාණන් වහන්සේ විසින් පාපය ගණන් නොගෙන හරිනු ලබන තැනැත්තා භාග්‍යවන්ත ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 ස්වාමින්වහන්සේ යමකුගේ පාප, ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සමිඳාණන් වහන්සේ විසින් පාපය ගණන් නොගෙන හරිනු ලබන තැනැත්තා භාග්‍යවන්ත ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 4:8
7 හුවමාරු යොමු  

අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය.


ස්වාමීන්වහන්සේ යමෙකුගේ ගණනට අයුතුකම නොතබනසේක්ද, යමෙකුගේ සිතේ වංචාවක් නැත්තේද, ඒ මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙක්ය.


අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.


මක්නිසාද දෙවියන්වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්දසේක; උන්වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත්කරනු ලැබූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්