රෝම 2:12 - Sinhala Revised Old Version එබැවින් මාගේ ශුභාරංචියේ ප්‍රකාරයට දෙවියන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලවා මනුෂ්‍යයන්ගේ රහස් විනිශ්චය කරවන දවසේදී, Sinhala New Revised Version මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් බැහැර ව පව් කරන අය ඒ ව්‍යවස්ථාව අනුව විනිශ්චයක් නොලබා විනාශ වන්නෝ ය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙනත් පව් කරන අය ඒ ව්‍යවස්ථාවෙන් ම විනිශ්චය කරනු ලබති. සිංහල කාලීන පරිවර්තනය මන්ද දහම් නීතිය නැතිව පව් කළ සැවොම, දහම් නීතිය නැතිව විනාශ වන්නෝ ය. දහම් නීතිය යටතේ සිට පව් කළ සැවොම, දහම් නීතියෙන් විනිශ්චය කරනු ලබන්නෝ ය. Sinhala New Revised Version 2018 මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් බැහැර ව පව් කරන අය ඒ ව්‍යවස්ථාව අනුව විනිශ්චයක් නොලබා විනාශ වන්නෝ ය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙනත් පව් කරන අය ඒ ව්‍යවස්ථාවෙන් ම විනිශ්චය කරනු ලබති. |
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහෙයින් මා නුඹට පාවාදුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක.
දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාරදෙනලදුව, නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසියෙහි ඇණගස්වා මැරවුවහුය.
මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝය යන දෙවියන්වහන්සේගේ නියෝගය ඔව්හු දැනගනත් ඒ දේ කරති, එපමණක් නොව ඒ දේ කරන්නන් සමඟ එකඟද වෙති.
මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාප මාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක.
මම ව්‍යවස්ථාව නැත්තවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව නැත්තන්ට ව්‍යවස්ථාව නැතිකෙනෙකු මෙන් වුණෙමි. එහෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවක් නැතුව නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව සිටිමි.
මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.
එසේවී නුමුත් අදහන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් වූ පොරොන්දුව දෙනු ලබන පිණිස, ලියවිල්ල සියල්ලන්ම පාපය යට වසා තැබුවේය.
මේ ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස ඒවා ස්ථිර නොකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
මක්නිසාද යමෙක් මුළු ව්‍යවස්ථාව රක්ෂාකොට, එක අණක් කඩකළේ නම්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක්වී සිටී.