එවිට යෝසෙප් ඔවුන්ගේ මලුවල ධාන්‍ය පුරවන ලෙසද ඔවුන්ගේ මුදල් එකිනෙකාගේ ගෝණියෙහි නැවත තබන ලෙසද මගට කෑම ඔවුන්ට දෙන ලෙසද ආඥා කෙළේය.
රෝම 12:20 - Sinhala Revised Old Version නුමුත් නුඹේ සතුරාට බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න. එසේ කිරීමෙන් නුඹ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය. Sinhala New Revised Version මෙසේ ද ලියා ඇත: “ඔබේ සතුරාට බඩගිනි නම් කන්නට දෙන්න. පිපාස නම් බොන්නට දෙන්න; එවිට ඔහු හිස ගිනිගත් කෙනෙකු මෙන් ලජ්ජාවෙන් දැවෙනු ඇත.” සිංහල කාලීන පරිවර්තනය අනෙක් අතට, “ඔබගේ සතුරාට සාගිනි නම්, කන්නට දෙන්න; පිපාස නම්, බොන්නට දෙන්න. එසේ කිරීමෙන්, ඔබ ඔහුගේ හිස පිට ගිනි ඇවිළෙන අඟුරු ගොඩගසන්නේ ය.” Sinhala New Revised Version 2018 මෙසේ ද ලියා ඇත: “ඔබේ සතුරාට බඩගිනි නම් කන්නට දෙන්න. පිපාස නම් බොන්නට දෙන්න; එවිට ඔහු හිස ගිනිගත් කෙනෙකු මෙන් ලජ්ජාවෙන් දැවෙනු ඇත.” |
එවිට යෝසෙප් ඔවුන්ගේ මලුවල ධාන්‍ය පුරවන ලෙසද ඔවුන්ගේ මුදල් එකිනෙකාගේ ගෝණියෙහි නැවත තබන ලෙසද මගට කෑම ඔවුන්ට දෙන ලෙසද ආඥා කෙළේය.
ඔහු: නුඹ ඔවුන්ට පහර නොදිය යුතුය; නුඹේ කඩුවෙන්ද නුඹේ දුන්නෙන්ද අල්වාගත් තැනැත්තන්ට නුඹ පහරදෙන්නෙහිද? ඔවුන් කා බී තමුන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන් ඉදිරියෙහි කෑමද වතුරද තබන්නැයි කීවේය.
ඔවුන් පිට ගිනි අඟුරු වැටේවා. ඔව්හු ගින්නෙහිද ගොඩ එන්ට බැරි ගැඹුරු වළවලද හෙළනු ලබත්වා.
නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;
නුමුත් අසන්නාවූ නුඹලාට මම කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට වෛරකරන්නන්ට යහපත කරන්න,
එවිට සාවුල්: මම පව්කෙළෙමි. මාගේ පුත්‍රවූ දාවිත්, හැරීඑන්න. මාගේ ප්‍රාණය අද දවසේ නුඹට අනර්ඝව පෙනුණු නිසා නුඹට තවත් හිංසා නොකරන්නෙමි. මම මෝඩයෙක් මෙන් හැසිර බොහෝසේ මුළාවීමියි කීවේය.