Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 42:25 - Sinhala Revised Old Version

25 එවිට යෝසෙප් ඔවුන්ගේ මලුවල ධාන්‍ය පුරවන ලෙසද ඔවුන්ගේ මුදල් එකිනෙකාගේ ගෝණියෙහි නැවත තබන ලෙසද මගට කෑම ඔවුන්ට දෙන ලෙසද ආඥා කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඉන්පසු ජෝසෙප්, ඔවුන්ගේ ගෝණි ධාන්‍යයෙන් පුරවා, සැම දෙනාගේ ම මුදල් එකිනෙකාගේ ගෝණිවල දැමීමටත්, ගමනට උවමනා ආහාර ඔවුන්ට දීමටත් අණ කෙළෙන්, ඔවුන්ට එලෙස කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඉන්පසු ජෝසෙප්, ඔවුන්ගේ ගෝණි ධාන්‍යයෙන් පුරවා, සැම දෙනාගේ ම මුදල් එකිනෙකාගේ ගෝණිවල දැමීමටත්, ගමනට උවමනා ආහාර ඔවුන්ට දීමටත් අණ කෙළෙන්, ඔවුන්ට එලෙස කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 42:25
9 හුවමාරු යොමු  

නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.


නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.


නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;


එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට එන්න, මුදල් නැත්තෙනි, නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කන්න; එසේය, ඇවිත් මිලමුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද ගන්න.


ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ එලෙස කළෝය. ඵාරාවෝගේ අණ ලෙස යෝසෙප් ගැල්ද මගට කෑමද ඔවුන්ට දුන්නේය.


එසේ ඔවුන්ට කරනලද්දේය. ඔව්හු තමන්ගේ කොටළුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් පිටත්ව ගියෝය.


මුදල් දෙගුණයක් නුඹලාගේ අත්වල තබාගන්න; නුඹලාගේ ගෝණි කටවල තිබී ගෙනා මිල නැවත නුඹලාගේ අත්වල ගෙනයන්න; ඒක වැරදීමක් වෙන්ට ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්