යූදා ඕනාන්ට කථාකොට: නුඹේ සහෝදරයාගේ භාර්යාව වෙත පැමිණ මළ සහෝදරයා වෙනුවට ඈ පාවාගැනීමෙන් නුඹේ යුතුකම ඉෂ්ටකර නුඹේ සහෝදරයාට වංශයක් උපදවන්නැයි කීයේය.
රූත් 4:6 - Sinhala Revised Old Version ඒ ළඟ නෑයා කථාකොට: මට ඒක ගළවාගන්ට බැරිය; එසේ කළොත් මාගේ උරුමයට අලාභවෙයි. මට ගළවාගන්ට බැරි නිසා මට තිබෙන මිදීමේ බලය නුඹම භාරගන්නැයි කීවාය. Sinhala New Revised Version එයට ඇවැස්ස නෑයා උත්තර දෙමින්, “කාරණය එසේ නම්, මම කුඹුර මිලයට ගැනීමට මාගේ අයිතිවාසිකම යොදවන්නේ නැත. එසේ කළොත් මාගේ උරුමයන් නැති වන්නට ඉඩ තිබේ. කුඹුර මිලේට ගැනීමට මට ඇති අයිතිවාසිකම ඔබට ම භාර කරමි. මට එය උවමනා නැතැ”යි කී ය. Sinhala New Revised Version 2018 එයට ඇවැස්ස නෑයා උත්තර දෙමින්, “කාරණය එසේ නම්, මම කුඹුර මිලයට ගැනීමට මාගේ අයිතිවාසිකම යොදවන්නේ නැත. එසේ කළොත් මාගේ උරුමයන් නැති වන්නට ඉඩ තිබේ. කුඹුර මිලේට ගැනීමට මට ඇති අයිතිවාසිකම ඔබට ම භාර කරමි. මට එය උවමනා නැතැ”යි කී ය. |
යූදා ඕනාන්ට කථාකොට: නුඹේ සහෝදරයාගේ භාර්යාව වෙත පැමිණ මළ සහෝදරයා වෙනුවට ඈ පාවාගැනීමෙන් නුඹේ යුතුකම ඉෂ්ටකර නුඹේ සහෝදරයාට වංශයක් උපදවන්නැයි කීයේය.
නුඹේ සහෝදරයෙක් දුප්පත්ව තමාගේ උරුමයෙන් කොටසක් විකුණන්නේනම් ඔහුගේ කිට්ටු නෑයා ඇවිත් තම සහෝදරයා විසින් විකුණනලද ඉඩම මුදාගත යුතුය.
ඒ මනුෂ්‍යයා තමාගේ සහෝදරයාගේ භාර්යාව පාවාගන්ට අකැමැති නම් ඔහුගේ සහෝදරයාගේ භාර්යාව දොරටුවෙහි සිටින වැඩිමහල්ලන් වෙතට ගොස්: මාගේ පුරුෂයාගේ සහෝදරයා තමාගේ සහෝදරයාට ඉශ්‍රායෙල්හි නාමයක් උපදවන්ට කැමති නැත, ඔහු පුරුෂයෙකුගේ සහෝදරයාගේ යුතුකම මට කරන්ට නොකැමැත්තේයයි කියාවා.
එවිට ඔහුගේ නුවර වැඩිමහල්ලෝ ඔහු අඬගස්වා ඔහු සමඟ කථාකරත්වා. ඔහු ස්ථිරව සිට ඈ පාවාගන්ට නොකැමැත්තෙමියි කියන්නේ නම්,
ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වැඩිමහල්ලන් ඉදිරියෙහි ඔහු ළඟට ගොස්, ඔහුගේ මිරිවැඩියක් ඔහුගේ පයින් ගළවා, ඔහුගේ මුහුණට කෙළගසා: තමාගේ සහෝදරයාගේ පවුල ගොඩ නොනගන මනුෂ්‍යයාට මෙසේ කළ යුතුයයි උත්තරදෙමින් කියාවා.
එවිට නායොමි ඇගේ යෙහෙළීට කථාකොට: ඔහු ජීවතුන්ටත් මළවුන්ටත් ඇති තමාගේ කරුණාව අත්නොහැරියේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලැබේවයි කීවාය. තවද නායොමි: ඒ මනුෂ්‍යයා අපට ළඟ නෑයෙක්ය, අපේ ළඟම නෑයෙක්යයි ඈට කීවාය.
අද රෑට පමාවෙන්න, හෙට උදය ඔහු නෑයෙකුගේ යුතුකම නුඹට කළොත් යහපති. ඔහු නෑයෙකුගේ යුතුකම ඉෂ්ටකෙරේවා. නුමුත් නෑයෙකුගේ යුතුකම නුඹට ඉෂ්ටකරන්ට ඔහු අකැමැතිනම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම එය ඉෂ්ටකරන්නෙමි. පහන්වනතෙක් නිදාගන්නැයි කීවේය.
ඈද: මම ඔබගේ මෙහෙකාරීවූ රූත්ය; එබැවින් ඔබගේ වස්ත්‍රය ඔබගේ මෙහෙකාරී පිට අතුරනු මැනවි; මක්නිසාද ඔබ ළඟ නෑයෙකැයි කීවාය.