Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




රූත් 3:13 - Sinhala Revised Old Version

13 අද රෑට පමාවෙන්න, හෙට උදය ඔහු නෑයෙකුගේ යුතුකම නුඹට කළොත් යහපති. ඔහු නෑයෙකුගේ යුතුකම ඉෂ්ටකෙරේවා. නුමුත් නෑයෙකුගේ යුතුකම නුඹට ඉෂ්ටකරන්ට ඔහු අකැමැතිනම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම එය ඉෂ්ටකරන්නෙමි. පහන්වනතෙක් නිදාගන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 පහන් වන තුරු මෙහි සිටින්න. උදේ ඒ මිනිසා ඔබ රැකබලාගැනීමේ වගකීම භාරගන්නට සතුටු වුවහොත් මැනවි. ඊට ඔහු අකමැති වුවහොත්, මා එම වගකීම භාර ගන්න බවට ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 පහන් වන තුරු මෙහි සිටින්න. උදේ ඒ මිනිසා ඔබ රැකබලාගැනීමේ වගකීම භාරගන්නට සතුටු වුවහොත් මැනවි. ඊට ඔහු අකමැති වුවහොත්, මා එම වගකීම භාර ගන්න බවට ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 3:13
11 හුවමාරු යොමු  

ඔවුන් මාගේ සෙනඟට බාල් ගැන දිවුරන්ට ඉගැන්වුවාක්මෙන් ඔව්හු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා මාගේ නාමය ගැන දිවිරීමට මාගේ සෙනඟගේ මාර්ගවල් ඉගෙනගන්නෝ නම්, ඔව්හු මාගේ සෙනඟ අතරේ පිහිටුවනු ලබන්නෝය.


නුඹ: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා සැබෑකමෙන්ද යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද දිවුරුවොත්, ජාතීහු උන්වහන්සේගේ නාමයෙන් තමුන්ටම ආශීර්වාදකරගෙන, උන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෝය.


මම කොරින්තියට නාවේ නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් බවට මාගේ ප්‍රාණය පිට දෙවියන්වහන්සේ සාක්ෂියක් කොට ගනිමි.


සැබවින්ම මනුෂ්‍යයෝ වඩා උත්තමයා ගැන දිවුරති. ඔවුන්ගේ සියලු විවාදවලදී ස්ථිරකිරීම පිණිස කරන අන්තිම දේ නම් දිවිරීමය.


ඔහුද: ඔව්හු මාගේ සහෝදරයෝය, මාගේ මෑණියන්ගේ පුත්‍රයෝය. නුඹලා ඔවුන් ඉතුරුකළානම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මමත් නුඹලා නොමරමියි කීය.


එවිට නායොමි ඇගේ යෙහෙළීට කථාකොට: ඔහු ජීවතුන්ටත් මළවුන්ටත් ඇති තමාගේ කරුණාව අත්නොහැරියේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලැබේවයි කීවාය. තවද නායොමි: ඒ මනුෂ්‍යයා අපට ළඟ නෑයෙක්ය, අපේ ළඟම නෑයෙක්යයි ඈට කීවාය.


ඉතින් මා නුඹට ළඟ නෑයෙක් බව සැබෑය. නුමුත් මට වඩා ළඟ නෑයෙක් ඇත්තේය.


එවිට බෝවස්: නායොමි අතින් ඒ බිම මිලේට ගන්නා දවසේදී, මැරුණු අයගේ නම උරුමය කෙරෙහි පවතින පිණිස මැරුණු අයගේ භාර්යාවවූ මෝවබිය රූත්ගෙනුත් ඒක මිලේට ගන්ට ඕනෑයයි කීවාය.


ඒ ළඟ නෑයා කථාකොට: මට ඒක ගළවාගන්ට බැරිය; එසේ කළොත් මාගේ උරුමයට අලාභව‍ෙයි. මට ගළවාගන්ට බැරි නිසා මට තිබෙන මිදීමේ බලය නුඹම භාරගන්නැයි කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්