ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය.
රූත් 2:16 - Sinhala Revised Old Version අහුරුවලිනුත් සමහරක් ඇද දමා ඈට ඇහිඳ ගැනීමට අත්හරින්න, ඈට තරවටු නොකරන්නැයි කීවේය. Sinhala New Revised Version ගොයම් මිටිවලින් ද කරල් ටිකක් ඇද දමා ඇයට අහුලාගන්නට ඉඩ දෙන්න. ඈට දොස් නොකියන්න.” Sinhala New Revised Version 2018 ගොයම් මිටිවලින් ද කරල් ටිකක් ඇද දමා ඇයට අහුලාගන්නට ඉඩ දෙන්න. ඈට දොස් නොකියන්න.” |
ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය.
දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.
එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.
මක්නිසාද සහෝදරය, නුඹ කරණකොටගෙන ශුද්ධවන්තයන්ගේ සිත් ප්‍රාණවත්කරනු ලබන බැවින් නුඹේ ප්‍රේමය නිසා බොහෝ සන්තෝෂයද සැනසිල්ලද මට ලැබුණේය.
මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.
ඈ කරල් ඇහිඳින්ට නැගිට ගිය විට බෝවස් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: ඈට මිටි අතරෙත් ඇහිඳින්ට ඉඩ දෙන්න, ඈට සැර නොකරන්න.