Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රූත් 2:15 - Sinhala Revised Old Version

15 ඈ කරල් ඇහිඳින්ට නැගිට ගිය විට බෝවස් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: ඈට මිටි අතරෙත් ඇහිඳින්ට ඉඩ දෙන්න, ඈට සැර නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඈ නැවතත් කරල් අහුලාගන්නට යෑමට නැඟිටි විට, බෝවස් තම සේවකයන් හට මෙසේ අණ කෙළේ ය: “ගොයම් මිටි බැඳ තිබෙන තැන්වල වුවත් කරල් අහුලාගන්නට ඇයට ඉඩ හරින්න. ඇයට අවහිර නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඈ නැවතත් කරල් අහුලාගන්නට යෑමට නැඟිටි විට, බෝවස් තම සේවකයන් හට මෙසේ අණ කෙළේ ය: “ගොයම් මිටි බැඳ තිබෙන තැන්වල වුවත් කරල් අහුලාගන්නට ඇයට ඉඩ හරින්න. ඇයට අවහිර නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 2:15
5 හුවමාරු යොමු  

නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.


නුඹලාගේ දේශයේ ගොයම් කපන කල නුඹේ කෙතේ මුලුවලින් සහමුලින් කපා නොගන්න, වැටී තිබෙන කරල් එකතුකර නොගන්න. ඒවා දිළිඳුන්ට හා විදේශීන්ට අරින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.


කෑම කන වේලාවේ බෝවස් ඈට කථාකොට: මෙහාට ඇවිත් මේ රොටිවලින් අරන් නුඹේ කැබෙල්ල කාඩි හොද්දේ පොවා කන්නැයි ඈට කීවේය. ඈද ගොයම් කපන්නන් ළඟ ඉඳගත්තාය. ඔහු විලඳත් ඈට ළංකරදුන්නේය, ඈ කා තෘප්තියට පැමිණ ඉතුරු කරගත්තාය.


අහුරුවලිනුත් සමහරක් ඇද දමා ඈට ඇහිඳ ගැනීමට අත්හරින්න, ඈට තරවටු නොකරන්නැයි කීවේය.


නුඹලාගේ දේශයේ ගොයම් කපන කල නුඹේ කෙතේ මුලු තීන්දුවට කපා නොගන්න, කපන විට වැටෙන කරල් එකතුකර නොගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්