යොෂුවා 8:27 - Sinhala Revised Old Version නුමුත් සිව්පාවුන්ද ඒ නුවර කොල්ලයද ස්වාමීන්වහන්සේ යෝෂුවාට අණකළ වචනය ප්‍රකාර ඉශ්‍රායෙල්වරු තමුන්ට කොල්ලයක් කොට ගත්තෝය. Sinhala New Revised Version එහෙත්, ගවයන් ද ඒ නගරයේ වස්තුව ද සමිඳාණන් වහන්සේ ජෝෂුවාට අණ කළ පරිදි, ඉශ්රායෙල්වරු තමන්ට කොල්ලයක් කොට ගත්තෝ ය. Sinhala New Revised Version 2018 එහෙත්, ගවයන් ද ඒ නගරයේ වස්තුව ද සමිඳාණන් වහන්සේ ජෝෂුවාට අණ කළ පරිදි, ඉශ්රායෙල්වරු තමන්ට කොල්ලයක් කොට ගත්තෝ ය. |
නුඹද පූජකවූ එලෙයාසර්ද සභාවේ පිය පෙළපත්වල ප්‍රධානීහුද අල්ලාගනු ලැබූ මනුෂ්‍යයන් හා මෘගයන් යන කොල්ලය ගණන්කරන්න.
මා සන්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නැද්ද? මා යහපත් නිසා නුඹේ ඇස නපුරුදැයි කීවේය.
ඔව්හු මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් බොහෝවූ සෙනඟක් වන තමුන්ගේ සියලු සේනාවල්ද අශ්වයන් හා රථ ඉතා මහත් ගණනක්ද ඇතුව පිටත්ව ආවෝය.
නුඹ යෙරිකෝවටත් එහි රජුටත් කළ ලෙස හායිටත් එහි රජුටත් කරන්න. නුමුත් එහි කොල්ලය හා සිව්පාවුන් නුඹලාට කොල්ලයක් කොට ගන්න. නුවරට එහායින් සේනාවක් රහසේ සිටුවන්නැයි කීසේක.
මෙසේ යෝෂුවා හායි ගිනිලා, එය සදාකල් පවතින ගොඩක් එනම් අද දක්වා පවතින පාළු ස්ථානයක් කෙළේය.