Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 31:22 - Sinhala Revised Old Version

22 රන් රිදී පිත්තල යකඩ බෙලෙක් ඊයම් සහ ගිනි ඉසිලිය හැකි

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22-23 ‘ගින්නෙන් පිළිස්සී නොයන රන්, රිදී, ලෝකඩ, යකඩ සහ ඊයම් වැනි දේවල් ගින්නේ දවාගත් විට ඒවා පවිත්‍ර යයි සැලකෙනු ඇත. එහෙත්, අපවිත්‍රකම පහකරන ජලයෙනුත් ඒවා, පවිත්‍ර කළ යුතු ය. ගින්නෙන් පිළිස්සී යන අනිකුත් ඒවා ජලයේ දමා ගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22-23 ‘ගින්නෙන් පිළිස්සී නොයන රන්, රිදී, ලෝකඩ, යකඩ සහ ඊයම් වැනි දේවල් ගින්නේ දවාගත් විට ඒවා පවිත්‍ර යයි සැලකෙනු ඇත. එහෙත්, අපවිත්‍රකම පහකරන ජලයෙනුත් ඒවා, පවිත්‍ර කළ යුතු ය. ගින්නෙන් පිළිස්සී යන අනිකුත් ඒවා ජලයේ දමා ගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 31:22
7 හුවමාරු යොමු  

පූජකවූ එලෙයාසර්ද සටනට ගිය යුද්ධකාරයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාවේ පනත මේය–


සියලු දේ ගින්නෙහි දමා අරගන්න, එවිට ඒවා පවිත්‍රවන්නේය; එසේවී නුමුත් අපවිත්‍රකම පහකිරීමේ වතුරෙන් ඒවායේ දෝෂ පහකළ යුතුය. එහෙත් ගිනි ඉසිලිය නොහැකි සියල්ල වතුරෙහි දමාගත යුතුය.


ශිල්ලාද තූබල්-කායින් වැදුවාය, ඔහු සියලු ආකාර පිත්තල සහ යකඩ ආයුධ තනන ලෝකුරුවා වූයේය. තූබල්-කායින්ගේ සහෝදරී නාමාය.


මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද සභාවේ සියලු අධිපතිහුද ඔවුන් සම්බවෙන්ට කඳවුරෙන් පිටතට ගියෝය.


රන් රිදී සියල්ලද පිත්තල සහ යකඩ බඩුද ස්වාමීන්වහන්සේට කැපය. ඒවා ස්වාමීන්වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතුයයි කීවේය.


නුමුත් සිව්පාවුන්ද ඒ නුවර කොල්ලයද ස්වාමීන්වහන්සේ යෝෂුවාට අණකළ වචනය ප්‍රකාර ඉශ්‍රායෙල්වරු තමුන්ට කොල්ලයක් කොට ගත්තෝය.


යකඩ පොළොවෙන් හාරාගනු ලැබේ. ගල් උණුකර පිත්තල ලබාගනිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්