ඉශ්රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.
යොෂුවා 4:8 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් පුත්‍රයෝ යෝෂුවා අණකළ ප්‍රකාරයට කරමින් ස්වාමීන්වහන්සේ යෝෂුවාට කී ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන හැටියට යොර්දාන මැදින් ගල් දොළසක් රැගෙන, ඒවා තමුන් සමඟ මෙතරට ගෙනැවිත් ඔවුන් නැවතුණ ස්ථානයෙහි තැබුවෝය. Sinhala New Revised Version ඉශ්රායෙල් ජනතාව ජෝෂුවාගේ අණ පරිදි කළහ. සමිඳාණන් වහන්සේ ජෝෂුවාට වදාළ ලෙස ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල ගණන හැටියට, ජොර්දාන් ගඟ මැදින් ගල් දොළොසක් රැගෙන, තමන් සමඟ මෙතෙරට ගෙනැවිත් ඔවුන් නැවතුන ස්ථානයේ තැන්පත් කළහ. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් ජනතාව ජෝෂුවාගේ අණ පරිදි කළහ. සමිඳාණන් වහන්සේ ජෝෂුවාට වදාළ ලෙස ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල ගණන හැටියට, ජොර්දාන් ගඟ මැදින් ගල් දොළොසක් රැගෙන, තමන් සමඟ මෙතෙරට ගෙනැවිත් ඔවුන් නැවතුන ස්ථානයේ තැන්පත් කළහ. |
ඉශ්රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.
මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැගිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය.
යොර්දාන් මැද ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයන්ගේ පාද තිබුණු තැනද යෝෂුවා ගල් දොළසක් තැබුවේය. ඒවා අද දක්වා එහි තිබේ.