Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 4:7 - Sinhala Revised Old Version

7 නුඹලා ඔවුන්ට කථාකර: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි යොර්දානේ ජලය බෙදී ගිය නිසාය; පෙට්ටිය යොර්දානෙන් මෙතරට එන විට යොර්දාන් ජලය බෙදී ගියේය. මේ ගල්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සදාකාල සිහිවීමක් පිණිස වන්නේයයි කියන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔබ ඔවුන්ට කතා කොට, ‘සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ජොර්දාන් ගඟෙහි දිය බෙදී ගියේ ය; ඒ කරඬුව ගඟ හරහා වැඩමවාගෙන යන විට, ගඟේ දිය බෙදී ගිය නිසා, මේ ගල් ඉශ්රායෙල් ජනතාවට සදාකාල සිහිවටනයක් වන්නේ ය’යි කිව යුතු ය”යි දැන්වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔබ ඔවුන්ට කතා කොට, ‘සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ජොර්දාන් ගඟෙහි දිය බෙදී ගියේ ය; ඒ කරඬුව ගඟ හරහා වැඩමවාගෙන යන විට, ගඟේ දිය බෙදී ගිය නිසා, මේ ගල් ඉශ්රායෙල් ජනතාවට සදාකාල සිහිවටනයක් වන්නේ ය’යි කිව යුතු ය”යි දැන්වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 4:7
11 හුවමාරු යොමු  

මේ දවස නුඹලාට සිහිවීම් උත්සවයක් පිණිස වන්නේය, නුඹලා එය ස්වාමීන්වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑමකල්හිම පවත්වන්න.


උන්වහන්සේ තමන් ආශ්චර්ය ක්‍රියා සිහිවෙන්ට සැලැස්වූසේක. ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.


ඒ මැණික් දෙක ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමේ ගල් පිණිස ඒඵොද් සැට්ටයේ උර පටි පිහිටුවන්න. මෙසේ ආරොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරවීමක් පිණිස ඔවුන්ගේ නම් තමාගේ දෙඋර පිට දරන්නේය.


ස්තුතිකොට, කඩා: මේක නුඹලා උදෙසා දෙන්නාවූ මාගේ ශරීරයය. මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.


ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.


මෙසේ කරන්නේ ඒවා නුඹලා අතරේ සිහිවීම් ලකුණක් වන පිණිසය. මේ ගල් තිබෙන්නේ කුමටදැයි නුඹලාගේ දරුවන් මතු කාලයේ අසන විට,


නුඹද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සමඟිකරන මුදල ගෙන නුඹලාගේ ප්‍රාණ ගැන සමඟිකිරීමට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස එය සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙයට නිමකරන්නැයි කීසේක.


තවද මා විසින් තෝරාගන්න මනුෂ්‍යයාගේ සැරයටිය ලියලනවා ඇත. එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් නුඹලාට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් මා වෙතට පැමිණීම නවතින්ට සලස්වන්නෙමියි කීසේක.


නුඹ මිසර දේශයෙන් පිටතට ආ දවස නුඹේ ජීවිතයේ සියලු දවස්හි සිහිකරන පිණිස, ඒ සමඟ මුහුන් දැමූ රොටි නොකා, දුක් රොටි වන මුහුන් නොදැමූ ඒවා සත් දවසක් ඒ සමඟ කන්න; මක්නිසාද නුඹ ඉක්මනින් මිසර දේශයෙන් ආවෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්