යොෂුවා 3:6 - Sinhala Revised Old Version යෝෂුවා පූජකයන්ටද කථාකොට: නුඹලා ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව යන්නැයි කීවේය. ඔව්හු ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව ගියෝය. Sinhala New Revised Version ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ. Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ. |
කඩාදමන්නා ඔවුන්ට පෙරටුව නැගී ගියේය. ඔව්හු බිඳගෙන දොරටුව පසුකර, එයින් පිටතට ගියෝය. ඔවුන්ගේ රජ ඔවුන්ට ඉස්සරින් ගියේය, ස්වාමීන්වහන්සේ ඔවුන්ට පෙරටුව ගියසේක.
ඔව්හු ස්වාමීන්වහන්සේගේ කන්දෙන් පිටත්ව තුන් දවසක ගමන් ගියෝය; ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද ඔවුන්ට නවතින තැනක් සොයන පිණිස ඔවුන්ට පෙරටුවෙන් තුන් දිනක් ගමන් කෙළේය.
යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලේටම උත්තම පූජකයෙක් වී, අප උදෙසා පෙරටුව යන්නෙක් මෙන් එහි ඇතුල්වූසේක.
සෙනඟට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් ලෙවීවරුන්වූ පූජකයන් එය ගෙනයනවාත් නුඹලා දකින විට නුඹලාගේ ස්ථානවලින් පිටත්ව ඒ පස්සේ යන්න.
යෝෂුවාද: හෙට ස්වාමීන්වහන්සේ නුඹලා අතරේ පුදුම දේ කරන්ට යන නිසා පවිත්‍රවෙන්නැයි සෙනඟට කීවේය.
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මා මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින බව සියලු ඉශ්‍රායෙල්වරුන් දැනගන්නා පිණිස ඔවුන්ගේ ඇස් හමුවෙහි නුඹ උසස් කරන්ට අද දවසේ පටන්ගන්නෙමි.
එවිට නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පූජකයන් කැඳවා ඔවුන්ට කථාකොට: ගිවිසුම් පෙට්ටිය උසුලා ගන්න, පූජකයෝ සත් දෙනෙක් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් රැගෙන යෙත්වයි කීවේය.