Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 6:6 - Sinhala Revised Old Version

6 එවිට නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පූජකයන් කැඳවා ඔවුන්ට කථාකොට: ගිවිසුම් පෙට්ටිය උසුලා ගන්න, පූජකයෝ සත් දෙනෙක් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් රැගෙන යෙත්වයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 6:6
11 හුවමාරු යොමු  

නුමුත් සාවුල් තව දුරටත් ස්වාමීන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, ඔවුන් මරමියි කියමින්ද, උත්තම පූජකයා වෙතට ගොස්,


පූජකයෝ සත්දෙනා බැටළු අං හොරණෑ සත ගෙන ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පෙරටුව නොනැවතී යමින් හොරණෑ පිම්බෝය. සන්නද්ධවූ අය ඔවුන්ට පෙරටුව ගියෝය; හොරණෑ පිඹිමින් යද්දී අනික් අය ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පස්සෙන් ගියෝය.


යෝෂුවා සෙනඟට කථාකොට නිමවූ කල, පූජකයෝ සත්දෙනා බැටළු අං හොරණෑ සත රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝය. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද ඔවුන්ට පස්සෙන් ගියේය.


යෝෂුවා පූජකයන්ටද කථාකොට: නුඹලා ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව යන්නැයි කීවේය. ඔව්හු ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව ගියෝය.


සෙනඟට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් ලෙවීවරුන්වූ පූජකයන් එය ගෙනයනවාත් නුඹලා දකින විට නුඹලාගේ ස්ථානවලින් පිටත්ව ඒ පස්සේ යන්න.


පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල තිබෙන වළලුවල ඒ පොලු දමන්න.


තවද ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත් වන විට, හොරණෑ ශබ්දය නුඹලාට ඇසුණාම, මුළු සෙනඟ මහත් ඔල්වර හඬක් පවත්වත්වා; එවිට නුවර පවුර ඇද වැටෙන්නේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගීයත්වයි කීසේක.


ඔහු සෙනඟටත් කථාකොට: ඉදිරියට ගොස් නුවර වටේ යන්න, ආයුධ ගත් පුරුෂයෝ ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පෙරටුව යෙත්වයි කීවේය.


සෙනඟ කඳවුරට ආ කල ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝ කථාකොට: ස්වාමීන්වහන්සේ අද පිලිස්තිවරුන් ඉදිරියෙහි අප විසුරුවාදැමුවේ මක්නිසාද? ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස අපි ඒක ෂීලෝවෙන් ගෙන්වාගනිමුයයි කීවෝය.


නුඹලා යොර්දානෙන් මෙගොඩ වී යෙරිකෝවට පැමුණුණහුය. යෙරිකෝවේ වැසියෝද අමෝරිවරුද පෙරිස්සිවරුද කානානිවරුද හිත්තීවරුද ගිර්ගාෂිවරුද හිවීවරුද යෙබූසිවරුද නුඹලාට විරුද්ධව සටන්කළෝය; මම ඔවුන් නුඹලා අතට පාවාදුනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්