Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 10:33 - Sinhala Revised Old Version

33 ඔව්හු ස්වාමීන්වහන්සේගේ කන්දෙන් පිටත්ව තුන් දවසක ගමන් ගියෝය; ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද ඔවුන්ට නවතින තැනක් සොයන පිණිස ඔවුන්ට පෙරටුවෙන් තුන් දිනක් ගමන් කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ කන්දෙන් නික්ම දවස් තුනක් ගමන් කළහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ඔවුන්ට කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයනු පිණිස ඔවුන්ට පෙරටුව, තුන් දිනක් ගමනෙහි යෙදිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ කන්දෙන් නික්ම දවස් තුනක් ගමන් කළහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ඔවුන්ට කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයනු පිණිස ඔවුන්ට පෙරටුව, තුන් දිනක් ගමනෙහි යෙදිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 10:33
25 හුවමාරු යොමු  

නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා මේ කාරණයේදී විශ්වාසකළේ නැත.


මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.


ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ,


ඒ දවසේදී, මා විසින් ඔවුන් උදෙසා තෝරාගන තිබුණාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවයි කියා මම ඔවුන්ට මාගේ අත ඔසවා–


නුඹලා මාර්ගවල නැවතී සිට බලා, හොඳවූ මාර්ගය කොයි එකද කියා පුරාණ මාවත් ගැන අසාගන එහි යන්න, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් ඔව්හු: අපි එහි නොයන්නෙමුයයි කීවෝය.


නුඹලා ඒ දවස්වලදී දේශයෙහි වැඩිවී සශ්‍රීකවෙන කල, මනුෂ්‍යයන්: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියයයි තවත් කියන්නේවත්, ඒ ගැන සිහිවීමක් වන්නේවත් නැත. ඔව්හු ඒ ගැන සිහි නොකරන්නෝය; ඒක නැති බවත් නොදැනෙන්නේය; ඒක තවත් සාදනු නොලබන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?


උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නිවාඩුව මේය, වෙහෙසවූ අයට නිවාඩු දෙන්න; නිෂ්කලංකයත් මේයයි කීසේක. එහෙත් ඔව්හු අසන්ට අකැමැතිවූහ.


එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.


සෙනඟ කඳවුරට ආ කල ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝ කථාකොට: ස්වාමීන්වහන්සේ අද පිලිස්තිවරුන් ඉදිරියෙහි අප විසුරුවාදැමුවේ මක්නිසාද? ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස අපි ඒක ෂීලෝවෙන් ගෙන්වාගනිමුයයි කීවෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවතත් යුද්ධයට යා යුතුද නැතහොත් නවතින්ටදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.


නුඹලා ඔවුන්ට කථාකර: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි යොර්දානේ ජලය බෙදී ගිය නිසාය; පෙට්ටිය යොර්දානෙන් මෙතරට එන විට යොර්දාන් ජලය බෙදී ගියේය. මේ ගල්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සදාකාල සිහිවීමක් පිණිස වන්නේයයි කියන්නැයි කීවේය.


මේ ව්‍යවස්ථා පොත රැගෙන මෙය එහි නුඹලාට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබන්න.


එසේ වුණේ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළ ගිවිසුමේ ලෑලි වන ගල්ලෑලි ලබාගන්ට මා කන්දට නැගී, කෑම නොකා වතුර නොබී දවල් සතළිසක් හා රෑ සතළිසක් කන්දේ සිටියාවූද,


එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් ප්‍රකාර සීනයි කාන්තාරයෙන් පිටත්ව ගියෝය; වලාකුළ පාරාන් කාන්තාරයෙහි නැවතුණේය.


මෝසෙස් වනාහි දෙවියන්වහන්සේ වෙතට නැගී ගියේය, ස්වාමීන්වහන්සේ කන්දේ සිට ඔහුට හඬගසා: නුඹ මෙසේ යාකොබ්ගේ වංශයට කියා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දන්වන්න:


තවද ඒ දවසෙහි ජනයන්ට කොඩියක් ලෙස සිටින්නාවූ, යෙස්සේගේ රිකිල්ලවූ උන්වහන්සේ වෙතට ජාතීහු රැස්වන්නෝය; උන්වහන්සේගේ නිවාසස්ථානයද තේජවත් වන්නේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ඉශ්‍රායෙල් පිහිටුවන්ට යන විට කඩුවෙන් ගැළවුණු ඒ සෙනඟට කාන්තාරයේදී කරුණාව ලැබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්