යොෂුවා 24:26 - Sinhala Revised Old Version යෝෂුවා මේ වචන දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොතෙහි ලියා, මහත් ගලක් රැගෙන එය ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ළඟ තිබුණු අලෝන ගස යට පිහිටුවා, Sinhala New Revised Version ජෝෂුවා මේ වචන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොතේ ලියා, විශාල ගලක් රැගෙන එය සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයේ තිබුණ ආලෝන ගස යට පිහිටුවා, Sinhala New Revised Version 2018 ජෝෂුවා මේ වචන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොතේ ලියා, විශාල ගලක් රැගෙන එය සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයේ තිබුණ ආලෝන ගස යට පිහිටුවා, |
එවිට ඔව්හු තමුන් අත තුබූ සියලු අන් දෙවිවරුන් සහ තමන්ගේ කන්වල තිබුණු ආභරණද යාකොබ්ට දුන්නෝය; යාකොබ් ෂෙඛෙම් ළඟ තිබුණු ආලොන් ගස යට ඒවා සඟවා තැබුවේය.
රෙබෙකාගේ කිරි මවුවූ දෙබොරා මළාය, ඈ බෙතෙල්ට පහළ ආලොන් ගස යට තැන්පත්කරනු ලැබුවාය. ඊට අල්ලොන්-බාකුත් යන නාමය කියනලදී.
මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැගිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය.
ෂෙකෙම්හි සියලු වැසියෝද මිල්ලෝහි සියලු වැසියෝද එක්ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල අලෝන වෘක්ෂය ළඟදී අබිමෙලෙක් රජකමට පත්කළෝය.
එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර් යන නම තැබුවේය.