Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 24:27 - Sinhala Revised Old Version

27 මුළු සෙනඟට කථාකොට: මෙන්න, මේ ගල අපට විරුද්ධව සාක්ෂියක් පිණිස තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ අපට කී උන්වහන්සේගේ සියලු වචන ඊට ඇසුණේය. එබැවින් නුඹලා විසින් නුඹලාගේ දෙවියන්වහන්සේ එපානොකරන පිණිස ඒක නුඹලාට විරුද්ධව සාක්ෂියක් පිණිස වන්නේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මුළු සෙනඟ අමතා, “මේ ගල අපට සාක්ෂියක් පිණිස තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ අපට වදාළ සියලු වචන ඒ ගලට ඇසුණේ ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන පිණිස ඒ ගල ඔබට සාක්ෂියක් වන්නේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මුළු සෙනඟ අමතා, “මේ ගල අපට සාක්ෂියක් පිණිස තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ අපට වදාළ සියලු වචන ඒ ගලට ඇසුණේ ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන පිණිස ඒ ගල ඔබට සාක්ෂියක් වන්නේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 24:27
23 හුවමාරු යොමු  

උන්වහන්සේ උත්තරදෙමින්: ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේයයි නුඹලාට කියමියි කීසේක.


රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද: ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවට එය අප අතරේ සාක්ෂියක් වන නිසාය කියා ඒ පූජාසනයට ඒද් යන නාමය තැබුවෝය.


නුමුත් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු නාඳුනමියි කියන්නෙමි.


මේ ව්‍යවස්ථා පොත රැගෙන මෙය එහි නුඹලාට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබන්න.


ස්වර්ගයෙනි, අසන්න, පෘථිවිය, කන් දෙන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකරනසේක: මම දරුවන් පෝෂණය කොට ඇතිදැඩිකෙළෙමි, එහෙත් ඔව්හු මට විරුද්ධව කැරළිගැසුවෝය.


මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ‍්‍යකළ මැනව.


මක්නිසාද දෙවියන්වහන්සේගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය, උන්වහන්සේගේ මහන්තත්ත්වය ඉදිරියෙහිද මට කිසිවක් කළ නොහැකිවිය.


එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර් යන නම තැබුවේය.


ස්වර්ගයෙනි, කන්දෙව්, මම කථාකරන්නෙමි; පොළොවද මාගේ මුඛයේ වචන අසාවා.


එසේ ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණි කල්හි, මේ ගීතිකාව ඔවුන්ගේ දරුමුණුබුරන්ගේ මුඛවලින් පහවී නොයන බැවින් මෙය ඔවුන්ට උත්තර දෙන සාක්ෂිකාරයෙකු මෙන් සාක්ෂිදරනවා ඇත. මක්නිසාද මා විසින් දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට මත්තෙන් දැන් පවා ඔවුන් කරන ඔවුන්ගේ යෝජනාව දනිමියි කීසේක.


ඔව්හු දෙවියන්වහන්සේ දැනගන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශකරති.


එබැවින් මේ ගීතිකාව ලියාගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ට උගන්වන්න. මේ ගීතිකාව ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව මා උදෙසා සාක්ෂියක් වන පිණිස ඒක ඔවුන්ගේ මුඛයෙහි තබන්න.


මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,


නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරට යන දේශය මතු පිටින් නුඹලා ඉක්මනට සහමුලින් විනාශවෙන බවට අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටද පොළොවටද හඬගසමි; එහි නුඹලාගේ දවස් වැඩිනොවී, නුඹලා සහමුලින්ම විනාශ වන්නහුය.


එනම්: මම නුඹේ ක්‍රියා දනිමි, (මෙන්න, කිසිවෙකුට පියන්ට බැරිවූ ඇරපු දොරක් නුඹ ඉදිරියෙහි මා විසින් තබා තිබේ.) නුඹට ඇත්තේ ස්වල්ප බලයක්ය. නුඹ මාගේ වචන රක්ෂාකෙළෙහිය, මාගේ නාමය නුඹ එපාකළේ නැත.


මක්නිසාද බිත්තිය කෙරෙන් ගල මොරගසන්නේය, ලී වැඩය කෙරෙන් බාල්කය ඊට උත්තරදෙන්නේය.


එක දවසක් නොව දෙදවසක් නොව පස් දවසක් නොව දස දවසක් නොව විසි දවසක් නොව මාසයක් මුළුල්ලේම මාංස නුඹලාගේ නාස්පුඩුවලින් නික්ම නුඹලාට පිළිකුල් වන තුරු නුඹලා ඒවා කනවා ඇතැයි සෙනඟට කියන්නැයි කීසේක.


පසුව යෝෂුවා මුළු සෙනඟ තම තමුන්ගේ උරුම ප්‍රදේශවලට පිටත්කර හැරියේය.


ඉහළ සිටින දෙවියන්වහන්සේ මා විසින් එපාකළ නිසා, ඒකත් විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතු අපරාධයක්ය.


එනම් ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධකිරීමත් බොරුකීමත් අපේ දෙවියන්වහන්සේ වෙතින් අහක්වයාමත් බලාත්කාරයද කැරළිගැසීමද ගැන කථාකිරීමත් බොරු වචන සිතෙන් උපදවා කථාකිරීමත්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්