ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 21:32 - Sinhala Revised Old Version

නප්තලී ගෝත්‍රයෙන් මිනීමරන අය උදෙසා නියම කළ ආරක්ෂා නුවරක්වූ, ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ එහි පිට-බිම්ද හම්මොත්-දෝර් සහ එහි පිට-බිම්ද කර්තාන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් තුනත් දුන්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නප්තලීගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නුවරක් වූ ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ ඒ අවට තණ බිම් ද හම්මොත්-දෝර් සහ ඒ අවට තණ බිම් ද කර්තාන් සහ ඒ අවට තණ බිම් ද යන නගර තුනත් දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නප්තලීගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නුවරක් වූ ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ ඒ අවට තණ බිම් ද හම්මොත්-දෝර් සහ ඒ අවට තණ බිම් ද කර්තාන් සහ ඒ අවට තණ බිම් ද යන නගර තුනත් දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 21:32
8 හුවමාරු යොමු  

නප්තලී ගෝත්‍රයෙන් ගලීලයේ කෙදෙෂ් සහ ඒකේ පිට-බිම්ද හම්මෝන් සහ ඒකේ පිට-බිම්ද කිරියාතයිම් සහ ඒකේ පිට-බිම්ද ලැබුණේය.


කෙදෙෂ්හි රජ එක්කෙනෙක්ය; කර්මෙල්ට අයිති යොක්නෙයාම්හි රජ එක්කෙනෙක්ය;


පවුරු ඇති නුවරවල් නම්: ශිද්දීම්ද ශේර්ද හම්මත්ද රක්කත්ද කින්නෙරෙත්ද,


කෙදෙෂ්ද එද්‍රෙයිද ඒන්-හාශොර්ද,


මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ්ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම්ද යූදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බාද වෙන්කොට තැබුවෝය.


හෙල්කාත් සහ එහි පිට-බිම්ද රෙහොබ් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.


ගේර්ෂොන්වරුන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දහ තුනක්ය.


ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: නුඹ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,