ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න–නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ විසින් අණකළ කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව්කොට එයින් එකක් කළොත්, [ඔහු මෙසේ කළ යුතුය.]
යොෂුවා 20:5 - Sinhala Revised Old Version ලේ ගැන පළිගන්න අය ඔහු ලුහුබැඳ ආවොත් මිනීමැරූ තැනැත්තා ඔහු අතට පාවා නොදිය යුතුය; මක්නිසාද පළමු ඔහු තමාගේ අසල්වාසියාට වෛරයක් නොතිබී, අත්වැරුද්දෙන් ඔහු මැරූ නිසාය. Sinhala New Revised Version මැරීම ගැන පළිගන්නට සොයන මිනිසා ඔහු ලුහුබැඳ ආවොත්, ඔහු අතට මිනී මැරූ තැනැත්තා පාවා නොදිය යුතු ය. මන්ද, ඔහු තමාගේ අසල්වැසියා මැරුවේ පෙර තිබූ වෛරයක් නිසා නොව අත්වැරැද්දක් නිසා ය. Sinhala New Revised Version 2018 මැරීම ගැන පළිගන්නට සොයන මිනිසා ඔහු ලුහුබැඳ ආවොත්, ඔහු අතට මිනී මැරූ තැනැත්තා පාවා නොදිය යුතු ය. මන්ද, ඔහු තමාගේ අසල්වැසියා මැරුවේ පෙර තිබූ වෛරයක් නිසා නොව අත්වැරැද්දක් නිසා ය. |
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න–නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ විසින් අණකළ කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව්කොට එයින් එකක් කළොත්, [ඔහු මෙසේ කළ යුතුය.]
මිනීමරන්නා විනිශ්චය පිණිස සභාව ඉදිරිපිට සිටින්ට පළමුවෙන් නොනස්නා පිණිස ඒ නුවරවල් පළිගන්නාගෙන් නුඹලාට ආරක්ෂාව පිණිස වන්නේය.
ඔව්හු ලේවල පළිය ගන්නා අතින් මිනීමරන්නා මුදා ඔහු පලාගිය තමාගේ ආරක්ෂා නුවරට ඔහු නැවත පමුණුවන්නෝය. ශුද්ධ තෙලින් ආලේපලත් උත්තම පූජකයා නසිනතෙක් ඔහු එහි වාසය කෙරේවා.