දාවිත් නැගිට තමා සමඟ සිටි මුළු සෙනඟ සමඟ පිටත්ව යනුයේ, නාමය එනම් කෙරුබ්වරුන් පිට වැඩඉන්න සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස යූදාහි බායාලෙට ගියේය.
යොෂුවා 18:14 - Sinhala Revised Old Version එතනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තෙහි හැරීගොස්, යූදා පුත්‍රයන්ගේ නුවරක්වූ කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවරවුණේය. බස්නාහිර පැත්ත මේය. Sinhala New Revised Version එතැනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තට හැරී ගොස්, ජුදාගේ පරපුරට අයිති නගරයක් වූ කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවර වුණේ ය. බස්නාහිර පැත්ත මේ ය. Sinhala New Revised Version 2018 එතැනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තට හැරී ගොස්, ජුදාගේ පරපුරට අයිති නගරයක් වූ කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවර වුණේ ය. බස්නාහිර පැත්ත මේ ය. |
දාවිත් නැගිට තමා සමඟ සිටි මුළු සෙනඟ සමඟ පිටත්ව යනුයේ, නාමය එනම් කෙරුබ්වරුන් පිට වැඩඉන්න සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස යූදාහි බායාලෙට ගියේය.
සීමාව කන්ද මුදුනේ සිට නෙප්තෝවාහි දිය උල්පත ළඟට වැටී, එතනින් එප්‍රොන් කන්දේ නුවරවල් දක්වා ගියේය; එතනින් සීමාව කිරියත්-යෙයාරීම් වන බාලාට ගොස්,
එතනින් සීමාව බෙතෙල් නම්වූ ලූස්ට ගොස්, දකුණු පැත්තෙන් ලූස් පසුකර පහළ බෙත්-හෝරොන්ට දකුණෙන් තිබෙන කන්දෙන් අටාරොත්-අද්දාර්ට බැස්සේය.
දකුණු පැත්ත කිරියත්-යෙයාරීම්හි කෙළවර සිට පිහිටා තිබුණේය, සීමාවද බස්නාහිර දෙස නෙප්තෝවාහි දිය උල්පත ළඟට ගියේය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-යෙයාරීම් යන මේවාය.
එක කණ්ඩායමක් බෙත්හොරොන්ට යන මාර්ගයෙන් ගියේය. එක කණ්ඩායමක් කාන්තාරයට යන්නාවූ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන සීමාවේ මාර්ගයෙන් ගියේය.