Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 13:18 - Sinhala Revised Old Version

18 එක කණ්ඩායමක් බෙත්හොරොන්ට යන මාර්ගයෙන් ගියේය. එක කණ්ඩායමක් කාන්තාරයට යන්නාවූ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන සීමාවේ මාර්ගයෙන් ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එක කණ්ඩායමක් බෙත්-හෙරොන්ට යන දිශාවට ගියේ ය. අනෙක් කණ්ඩායම පාළුකරයට සහ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන දේශ සීමා දෙසට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එක කණ්ඩායමක් බෙත්-හෙරොන්ට යන දිශාවට ගියේ ය. අනෙක් කණ්ඩායම පාළුකරයට සහ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන දේශ සීමා දෙසට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 13:18
12 හුවමාරු යොමු  

හාදීද්හිද ශෙබෝයිම්හිද නෙබල්ලාට්හිද;


එතනින් බස්නාහිරට යප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත් ගෙසෙර්ටත් බැස ගොස්, මුහුද ළඟ කෙළවරවුණේය.


එප්‍රායිම්, මම කෙසේ නුඹ අත්හරින්නෙම්ද? ඉශ්‍රායෙල්, නුඹ කෙසේ පාවාදෙන්නෙම්ද? කෙසේ අද්මාට මෙන් නුඹට කරන්නෙම්ද? කෙසේ නුඹව ශෙබොයිම්ට සමකරන්නෙම්ද? මාගේ සිත මා තුළ හැරී, මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ.


එසේම ඉහළ බෙත්-හෝරන්ද පහළ බෙත්-හෝරන්ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නුවරවල්ද;


යොක්මෙයාම් සහ ඒකේ පිට-බිම්ද බෙත්-හෝරොන් සහ ඒකේ පිට-බිම්ද;


එප්‍රායිම් පුත්‍රයන්ගේ සීමාව ඔවුන්ගේ පවුල්වල හැටියට මෙසේවිය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අටාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වාය;


තවද ඔවුන් ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලායද්දී, බෙත්-හෝරොන් පල්ලමේදී, අසේකා දක්වා ස්වාමීන්වහන්සේ අහසෙන් මහත් ගල් ඔවුන් පිටට හෙළූසේක, එයින් ඔව්හු මැරුණෝය. ගල් වැස්සෙන් නැසුණු අය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූහ.


ඔව්හු සොදොම්හි රජවූ බෙරාද ගොමොරාහි රජවූ බිර්ෂාද අද්මාහි රජවූ ෂිනාබ්ද ශෙබොයිම්හි රජවූ ෂෙමේබෙර්ද බෙලාහි (එනම් ශොවර්හි) රජද යන මොවුන්ට විරුද්ධව යුද්ධකළෝය.


කඳවුරේද එළිමහනේද මුළු සෙනඟ අතරේද වෙවුලුමක් හටගත්තේය; මුර සමුදාවත් කොල්ලකාරයොත් වෙවුලුවෝය. පොළොව කම්පාවිය; මෙසේ ඉතා මහත් වෙවුලුමක් වූයේය.


කානාන්ගේ සීමාව ශීදොන් පටන් ගෙරාර් පිහිටි අතට ගාශා දක්වාද සොදොම්, ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන මේවා පිහිටි අතට ලාෂා දක්වාද විය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් කලඹා විසුරුවා දැමූසේක. එබැවින් ඔව්හු මහත් මැරීමකින් ගිබියොන් ළඟදී ඔවුන් නසා, බෙත්-හෝරොන්ට නැගීයන මාර්ගයෙහි ඔවුන් ලුහුබඳවා ගොස්, අසේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහරදුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්