යොනාතාන්ද අහිමයාශ්ද තමුන්ගේ නුවර ඇතුළට එනවා දක්නා නොලබන පිණිස ඒන්-රොගෙල් ළඟ සිටියෝය; වැඩකාරියක් ගොස් ඔවුන්ට දැන්නුවාය; ඔව්හු ගොස් දාවිත් රජුට දැන්නුවෝය.
යොෂුවා 15:7 - Sinhala Revised Old Version ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැගී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මීම්හි නැගුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරීගොස්, එතනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවරවුණේය. Sinhala New Revised Version ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැඟී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මිම්හි නැඟුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරී ගොස්, එතැනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවර වුණේ ය. Sinhala New Revised Version 2018 ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැඟී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මිම්හි නැඟුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරී ගොස්, එතැනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවර වුණේ ය. |
යොනාතාන්ද අහිමයාශ්ද තමුන්ගේ නුවර ඇතුළට එනවා දක්නා නොලබන පිණිස ඒන්-රොගෙල් ළඟ සිටියෝය; වැඩකාරියක් ගොස් ඔවුන්ට දැන්නුවාය; ඔව්හු ගොස් දාවිත් රජුට දැන්නුවෝය.
අදොනියා ඒන්-රොගෙල් ළඟ තිබෙන සොහෙලෙත් ගල ළඟදී බැටළුවන්ද හරකුන්ද තර වස්සන්ද මරා රජුගේ පුත්‍රයන්වූ තමාගේ සියලු සහෝදරයන්ද රජුගේ සේවකයන්වූ සියලු යූදා මනුෂ්‍යයන්ද කැඳෙවූවේය.
මා සෙවුවාවූ මාගේ සෙනඟ උදෙසා ෂාරොන් එළු බැටළු රැළවලට තෘණ බිමක්ද ආකොර් මිටියාවත ගව රැළවලට ලැගුම්පළක්ද වන්නේය.
ඔවුන්ගේ මව් වේශ්‍යාකම්ද ඔවුන් බිහිකළ තැනැත්තී නින්දිතකම්දකර තිබේ. මක්නිසාද ඈ කථාකොට: මට කෑමද වතුරද ලොම්ද හණද තෙල්ද බීමද දෙන්නාවූ මාගේ ප්‍රේමවන්තයන් පස්සේ යන්නෙමියි කීවාය.
එම සීමාව බෙත්-හොග්ලාට නැගී, බෙත්-අරබාට උතුරෙන් ගොස්, රූබෙන්ගේ පුත්‍රවූ බොහන්ගේ ගල ළඟට නැගී,
එය උතුරෙන් ගොස් ඒන්-ෂෙමෙෂ්ටත්, එතනින් අදුම්මීම්හි නැගුම ඉදිරිපිට තිබෙන ගෙලීලොත්ටත් පැමිණ, එතනින් රූබෙන්ගේ පුත්‍රවූ බොහන්ගේ ගල ළඟට බැස්සේය;
මෙසේ සෙනඟ පළමුවෙනි මස දසවෙනිදා යොර්දානෙන් නැගී අවුත් යෙරිකෝවට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාල්හි කඳවුරු බැඳ ගත්තෝය.
එවිට යෝෂුවා සහ ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරු ශෙරාගේ පුත්‍රවූ ආකාන්ද රිදීද සළුවද රන් පේනුවද ඔහුගේ පුත්‍රයන් හා දූවරුන්ද ඔහුගේ ගවයන්ද කොටළුවන්ද බැටළුවන්ද ඔහුගේ කූඩාරමද ඔහු සන්තක සියල්ලද අරගන ආකොර් මිටියාවතට ගෙනගියෝය.
මහත් ගල් ගොඩක්ද ඔහු පිට ගොඩගැසූහ, එය අද දවස දක්වා තිබේ; ස්වාමීන්වහන්සේ තමන්ගේ බලවත් උදහසෙන් හැරුණුසේක, එබැවින් ඒ ස්ථානයට අද දවස දක්වා ආකොර් මිටියාවතයයි කියනලද්දේය.