Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 15:7 - Sinhala New Revised Version 2018

7 ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැඟී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මිම්හි නැඟුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරී ගොස්, එතැනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවර වුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැඟී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මිම්හි නැඟුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරී ගොස්, එතැනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවර වුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැගී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මීම්හි නැගුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරීගොස්, එතනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවරවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 15:7
13 හුවමාරු යොමු  

ජොනතන් හා අහීමයාශ් ඒන්රොගෙල් ස්ථානය ළඟ සිටියෝ ය. වැඩකාරියක් ගොස් සිරිතක් වශයෙන් ඔවුන්ට ආරංචි දැන්වුවා ය. ඔව්හු ගොස් එපවත් රජ්ජුරුවන්ට දැන්වුවෝ ය. මෙසේ කරන ලද්දේ ඒ දෙදෙනා තමන්ගේ නගරය ඇතුළට පිවිසෙනු කිසිවෙකු නො‍දකින පිණිස ය.


අදොනියා ඒන්-රොගෙල් නම් ස්ථානය ළඟ තිබෙන සොහෙලෙත් නම් නාග පර්වතය අසල බැටළුවන් ද හරකුන් ද තර වස්සන් ද මරා, රාජ කුමාරයන් වන ස්වකීය සහෝදරයන් ද රජුගේ සේවකයන් වන ජුදා ගෝත්‍රයේ සියලු මිනිසුන් ද කැඳවී ය.


මා නමදින මාගේ සෙනඟ උදෙසා ෂාරොන් පෙදෙස, එළු බැටළු රැළවලට තණ බිමක් ද ආකොර් මිටියාවත, ගව රැළවලට ලැගුම් පළක් ද වන්නේ ය.


ඔවුන්ගේ මව වෙසඟනකි; ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි: ‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි; ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’


ඉක්බිති ජෝෂුවා ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද ගිල්ගාල්හි කඳවුරට පෙරළා ආවෝ ය.


එතැනින් ඔහු දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියේ ය. කලින් දෙබීර්ට කිරියත්-සේපෙර් යන නම තිබුණේ ය.


මේ සීමාව බෙත්-හොග්ලාට නැඟී, බෙත්-අරබාට උතුරෙන් ගොස් රූබන්ගේ පුත් බොහන්ගේ ගල ළඟට නැඟී,


එය උතුරෙන් ගොස් ඒන්-ෂෙමෙෂ්ටත්, එතැනින් අදුම්මිම්හි නැඟුම ඉදිරිපිට තිබෙන ගෙලීලොත්ටත් පැමිණ, එතැනින් රූබන්ගේ පුත් බොහන්ගේ ගල දක්වා විය.


මෙලෙස සෙනඟ පළමු වන මාසයේ දස වන දින ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, ජෙරිකෝවට නැගෙනහිර දිශාවෙහි ගිල්ගාල් නම් ස්ථානයෙහි කඳවුරු බැඳගත්තෝ ය.


එවිට ජෝෂුවා සහ ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ශෙරාගේ පුත් ආකාන් ද රිදී ද සළුව ද රන් පොල්ල ද ඔහුගේ දරුදැරියන් ද ඔහුගේ ගවයන් ද කොටළුවන් ද බැටළුවන් ද ඔහුගේ කූඩාරම ද ඔහු සන්තක සියල්ල ද රැගෙන ආකොර් මිටියාවතට ගෙන ගියෝ ය.


තවද, ඔව්හු මහ ගල් ගොඩක් ඔහු පිට ගොඩ ගැසූ හ. එය අද දක්වා තිබේ. ඒ ස්ථානයට ආකොර් මිටියාවත යයි අද දක්වා කියන්නේ ඒ නිසා ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ උදහස සංසිඳුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්