Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 7:24 - Sinhala Revised Old Version

24 එවිට යෝෂුවා සහ ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරු ශෙරාගේ පුත්‍රවූ ආකාන්ද රිදීද සළුවද රන් පේනුවද ඔහුගේ පුත්‍රයන් හා දූවරුන්ද ඔහුගේ ගවයන්ද කොටළුවන්ද බැටළුවන්ද ඔහුගේ කූඩාරමද ඔහු සන්තක සියල්ලද අරගන ආකොර් මිටියාවතට ගෙනගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 එවිට ජෝෂුවා සහ ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ශෙරාගේ පුත් ආකාන් ද රිදී ද සළුව ද රන් පොල්ල ද ඔහුගේ දරුදැරියන් ද ඔහුගේ ගවයන් ද කොටළුවන් ද බැටළුවන් ද ඔහුගේ කූඩාරම ද ඔහු සන්තක සියල්ල ද රැගෙන ආකොර් මිටියාවතට ගෙන ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 එවිට ජෝෂුවා සහ ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ශෙරාගේ පුත් ආකාන් ද රිදී ද සළුව ද රන් පොල්ල ද ඔහුගේ දරුදැරියන් ද ඔහුගේ ගවයන් ද කොටළුවන් ද බැටළුවන් ද ඔහුගේ කූඩාරම ද ඔහු සන්තක සියල්ල ද රැගෙන ආකොර් මිටියාවතට ගෙන ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 7:24
18 හුවමාරු යොමු  

ලාභයට ලෝභවෙන්නා තමාගේම පවුල කලඹන්නේය; එහෙත් අල්ලස්වලට ද්වේෂකරන්නා ආයු ලබන්නේය.


එතැන් පටන් ඇගේ මිදිවතුද පැතීමේ දොරක් පිණිස ආකොර් මිටියාවතද ඈට දෙන්නෙමි. එහි ඇගේ යෞවන දවස්වලදී මෙන්ද ඈ මිසර දේශයේ සිට ආ කාලයේදී මෙන්ද ඈ උත්තරදෙනවා ඇත.


මා සෙවුවාවූ මාගේ සෙනඟ උදෙසා ෂාරොන් එළු බැටළු රැළවලට තෘණ බිමක්ද ආකොර් මිටියාවත ගව රැළවලට ලැගුම්පළක්ද වන්නේය.


ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැගී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මීම්හි නැගුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරීගොස්, එතනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවරවුණේය.


මහත් ගල් ගොඩක්ද ඔහු පිට ගොඩගැසූහ, එය අද දවස දක්වා තිබේ; ස්වාමීන්වහන්සේ තමන්ගේ බලවත් උදහසෙන් හැරුණුසේක, එබැවින් ඒ ස්ථානයට අද දවස දක්වා ආකොර් මිටියාවතයයි කියනලද්දේය.


ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,


ඉර යට මා දුටු මහත් වරදක් තිබේ, එනම් අයිතිකාරයා විසින් තමාට අන්තරාය වන ලෙස වස්තුව තබාගැනීමය.


ඔහු වස්තු ගිලගත් නුමුත් ඒවා වමාරන්නේය. දෙවියන්වහන්සේ ඒවා ඔහුගේ බඩෙන් පිටකරනසේක.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ කැපකළ දේ සම්බන්ධව අපරාධයක් කළෝය. මක්නිසාද යූදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙයින් ගත්තේය. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව ඇවුළුණේය.


පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන්ද යන නුවර සිටි සියල්ලන්ම කඩුමුවහතින් මුළුමනින්ම විනාශකර දැමුවෝය.


විනාශයට කැපවූ දෙයින් කොහොමහරි වළකින්න, නැතහොත් නුඹලා කැපකළ පසු කැපවූ දෙයින් යමක් ගත්තොත්, නුඹලා ඉශ්‍රායෙල් කඳවුරට ශාප ලැබෙන්ට සලස්වා එය කලඹනවා ඇත.


එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.


ඔව්හු කූඩාරම මැද සිට ඒවා යෝෂුවා ළඟටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් ළඟටද ගෙනවුත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තැබූහ.


ශෙරාගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්‍රායෙල් සභාව පිටට උදහස නොපැමිණියේද? ඒ මනුෂ්‍යයා තමාගේ අපරාධය කරණකොටගෙන තනියම විනාශනූණේය කියා ස්වාමීන්වහන්සේගේ මුළු සභාව කියනවායයි ඔවුන්ට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්